IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දික්ඕවිට මුහුදට ‌දෙදෙනෙක් බිලි වෙති

( තිස්ස කොටින්කඩුව සහ සරත් චින්තක)

වත්තල හැදල දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය  තරුණයන්  5 දෙනකු අතරින් දෙදෙනකු දියේ ගිලි මිය ගොස් ඇතැයි වත්තල පොලිසිය කියයි.

තවත් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බව වත්තල පොලිසිය පවසයි.

නාවික හමුදාවේ හා ප්‍රීතිපුර වෙරළ තිරයේ රාජකාරියෙහි යෙදි සිටින පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් මිය ගොස් ඇති දෙදෙනාගේ සිරුරු ගොඩ ගෙන ඇති අතර එම සිරුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. 

මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ උඩුමුල්ල ආරචිචිගේ ගයාන් සංජීව සහ සජිත් උදාර පින්තු ජයවර්ධන නැමති මුල්ලේරියාව උඩුලම්පොල පදිංචි අවුරුදු 20 හා 23 හැවිරිදි තරුණයන් දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.

තහනම නොතකා මෙම පිරිස මෙම ප්‍රදේශයේ පිහිනමින් විනෝද වෙමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත.  



අදහස් (0)

දික්ඕවිට මුහුදට ‌දෙදෙනෙක් බිලි වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site