(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ - මහනුවර මාර්ගයට නුදුරුව දංඕවිට ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි දංඕවිට පොලිසිය කියයි .
ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් රාත්‍රී 7 .30 පමණ වන විට එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම ගින්නට විනාශ වී තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විදුලිය විසන්ධි කිරීමට ද පොලිසිය කටයුතු කරනු ලැබීය.
ගින්න පැතිර යාම වලක්වා ගැනීම සඳහා පොලීසිය ප්‍රදේශවාසීන් සමග කටයුතු කරමින් පැවති අතර ගිනි නිවන හමුදාව කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබිණි .
මෙම කම්හලේ ගොඩගසා ඇති රබර් හේතුවෙන් මෙම ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව ද පොලිසිය සඳහන් කළේය.
කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී ඇත්දැයි රාත්‍රී හතයි තිහ වන විට පොලිසියට වාර්තා වී නොතිබූනි.
දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතා ගේ මෙහෙයුම යටතේ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් දෙවැනි සිල්පදය සම්බන්ධ දෙයක්ම වෙන්න පුළුවන්. බොහෝවිට රබර් කර්මාන්තශාලා ගින්නට ගොදුරු වෙන්නේ දෙවැනි සිල්පදය කඩපු නිසා තමයි...