IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ද සොයිසා රෝහලේ දුර්ලභ දරු ප්‍රසූතියක්

(යොහාන් භාසුර)

කලලය ගර්භාෂයෙන් පිට වඩවැල්වලට අලුනු වැදෑමහක පිහිටා තිබූ ඉතා සංකීර්ණ කලලයක් සහිත මවක් කොළඹ ද සොයිසා රෝහලේ අද (16) සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදියක් බිහිකළාය.

කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් මෙසේ බිළිදිය බිහිකළ අතර මව සහ බිළිදිය ඉතාමත් හොඳ සෙඛ්‍ය තත්වයේ සාමාන්‍ය වාට්ටුවක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන බව ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥා වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් මහතා පැවසීය.

මෙය දුර්ලභ ඝණයේ දරු උපතක් වීම නිසා ත්‍රිකුණාමලය රොහලෙන් කොළඹ ද සොයිසා රෝහලටට මාරු කිරීමෙන් පසුව කලලයට සති 28 ක් සම්පූර්ණ වී තිබීම නිසා සති 34 ක් දක්වා දැඩි වෛද්‍ය අධක්‍ෂණය යටතේ මව ද සොයිසා රෝහලේ නේවාසිකව සිටි බවත් මේ ආකාරයට ‘වැදෑමහක’ කලලය පිහිටි අවස්ථාවකදී දරුවෙක් බිහිකිරීමේදී මවගේ ජීවිතයට විශාල අවදානමක් ඇති බවත් වෛද්‍යවරු කියති.

ගැබිණි මව්වරුන් 30,000 කින් එක් අයකුට පමණ මෙවැනි දුර්ලභ කලල පිහිටීමේ සම්භාවිතාවක් පවතින බව ද කී වෛද්‍යවරු එහිදී මවට සහ දරුවාට ප්‍රසූතියකදී විශාල සංකූලතා ඇතිවිය හැකි බව සඳහන් කරති.  

විශේෂඥා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, නිර්වින්දන විශේෂඥා වෛද්‍ය හර්ෂනී ලියනගේ, විශේෂඥා වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥා වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් ඇතුළු වෛද්‍යවරු ඇතුළු තිස්දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධ විය.



අදහස් (0)

ද සොයිසා රෝහලේ දුර්ලභ දරු ප්‍රසූතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site