IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ද බිස්නස් ස්කූල් පස් වැනි සංවත්සරය සමරයි

ජාතික තලයටත්, ජාත්‍යන්තරයටත් ව්‍යවසායකයන් බිහි කරන ද බිස්නස් ස්කූල් ආයතනය විසින් සිය අභිමානවත් පස් වැනි සංවත්සරය අතිඋත්කර්ෂවත් ලෙස මහනුවර, අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූරයකු වන ව්‍යාපාරික දිලන්ත මාලගමුව මහතා සහභාගී විය.

එම අවස්ථාවට මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශක හා අභිප්‍රේරක සුරාජ් රණසිංහ, ඔක්ටාන් සමූහ ව්‍යාපාරයේ අධිපති ලක්ෂ්මන් විතානාරච්චි යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ. ආයතනයේ නිර්මාතෘ නුවන් සජීවක ජයකොඩි, සම නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ධම්මික දුලේන්ද්‍ර හේරත්, විදුහල්පති තුෂාර දිසානායක, TBS උපදේශක මණ්ඩලය, TBS කළමනාකරණ මණ්ඩලය, TBS දේශක මණ්ඩලය, ව්‍යවසායකයෝ, දෙමාපියෝ සහ සිසුහු විශාල පිරිසක් මෙම සංවත්සර සැමරුමට එක් වූහ.

මෙහිදී ද බිස්නස් ස්කූල් ආයතනය 2017 වසරේ සිට පස් වසරක් පුරා පැමිණි ගමන් මගෙහි බිහි කළ ව්‍යවසායකයන් හා සිසුන් ඇගයීමද, ආයතනයේ කළමනාකරණ මණ්ඩලය ඇතුළු පැමිණි ගමනට දායක වූ සියලුම දෙනා ඇගයීමද සිදු විය. පැමිණ සිටි සියලුම ව්‍යවසායකයන් සඳහා සිදු කළ විශේෂ දේශන කීපයකින්ද සමන්විත වූ සංවත්සරයට අලංකාර නැටුම් ගැයුම් රැසක්ද එක් වී තිබුණි. 

2023 වර්ෂය සඳහා සිදු කිරීමට සැළසුම් කර ඇති විශේෂ ව්‍යාපෘති රැසක් මෙහිදී එළි දැක්වුණු අතර TBS කැම්පස් (Total Business Solution Campus) එළි දැක්වීමද මෙහිදී සිදුවිය. ද බිස්නස් ස්කූල් ආයතනයේ දස වසරක අභිමානවත් සැමරුමේදී ඉදිරි වසර ගණනාවක් සඳහා ශක්තිමත් පදනම තහවුරු කරන ලදී.

595



අදහස් (0)

ද බිස්නස් ස්කූල් පස් වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site