(ඉන්දිකා රාමනායක)
කඩවත රම්මුතුගල පිහිටා ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථනයේ රදවා සිටි වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක් අඩි 20ක පමණ උස දං ගසකින් ටැවී මියගොස් ඇති බව කඩවත පොලිසිය කියයි.
දිවුලපිටිය බලගල්ලේ පදිංචිව සිටි දරුවෙක් මෙලෙස ගසින් වැටී මියගොස් ඇති බව පොලිසියට පවසයි.
මෙම දරුවා ඊයේ (1) දින සෙල්ලම්කරන අතර තුර මෙම ගසට නැග ඇති බවත්, පසුව ඔහු ගසින් වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇති දරුවා රාගම රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ ඔහු මියගොම් සිට ඇති බව පොලිසිය පවසයි.
කඩවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිවාස දෙපාර්තමේන්තු රැඳවුම් නිවාසයද නැත්නම් පෙර පාසලද පැහැදිලි නැහැ... පෙර පාසලේ අවුරුදු 13ක ළමයෙක් හිටියේ කොහොමද?