(ප්‍රදීප් කුමාර)

යාපනය නල්ලුර් කෝවිල අසල වු ත්‍යාගන් තිලිපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව  දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසකගේ හා තිලිපන් අනුස්මරණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විරොධතාවක් පැවැත්විණි.

තිලිපන් ප්‍රතිමාව ඉවත් කිරීම හෙලා දකින බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි දැවැන්ත විරෝධතා සංවිධානය කරන බවත් මෙම අවස්ථාවට සම්බන්ධ වු විරෝධතා කරුවෝ කියා සිටියහ.