(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

“කාල සටහනකට අනුව වේලාව වෙන් කර ගෙන පාඩම් වැඩ ඒ දවස තුලම සිදු කලා.අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් ද සමබරව සිදු කලා. උත්සාහවන්තව වැඩ කලොත් අපි බලාපොරොත්තු වන ඉලක්කයට පහසුවෙන් යා හැකියි යැයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගත් තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.කේ.සනුදි සෙනෙත්මා (10) සිසුවිය පැවසුවාය.

තිහගොඩ බටුවිට බලහමුල්ල පදිංචි ඇයගේ පියා වන සුරේෂ් විජේසිංහ (42) මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකි.

මව ජනනි සසංගිකා ද සොයිසා (40) මහත්මිය සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ සමාගමේ විධායක නිලධාරිනියකි.

සනුදි ගේ එකම සහෝදරයා වන තිනුක සෙනෙහස් (15) කොටුව ජනාධිපති විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඇය ඉගෙනුම ලබන තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී රසාදරි ගමගේ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය පාසල් වේලාවට ද අමතරව සවස 6.00 පමණ වන තෙක් දරු දැරියන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙමින් විශාල කැපවීමක නිරතව ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස සනුදි ඇතුළුව දරු දැරියන් 38 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇත.