
(සුජිත් හේවාජුලිගේ)
තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවෙස්වලට අත් පත්‍රිකා බෙදා හැරීමට පෙළපාළියේ ගමන් ගත් බව කියන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක් ඊයේ (16) විසුරුවා හැරි බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
මැතිවරණ නීතිය අනුව නිවෙස්වලට අත්පත්‍රිකා බෙදා හැරීමට යා හැක්කේ ආධාරකරුවන් පස් දෙනකුට පමණි.
ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මහතා කළ දැනුම්දීමක් අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි කුඩාගොඩගේ මහතා වහා ක්‍රියාත්මකවී ඒ මොහොතේම එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.
උපරිම වශයෙන් පස් දෙනකු බැගින් ගෙයින් ගෙට යන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී එම ජාතික ජන බලවේග ආධාරකරුවන්ට උපදෙස්දී ඇත.
මේ අතර ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදාහැරීමට පස් දෙනකු බැගින් පමණක් යන ලෙසට දුන් නියෝග ඇතැම් දේශපාලන පක්ෂ දිගින් දිගටම කඩ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අනුව වහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිස්ස ජාජබ පෙලපාළිය විසුරුවයි
ලුම්බිණි Tuesday, 17 September 2024 11:47 AM
කවුද ප්‍රේමසිරි මානගේ කියන්නේ ?
Dasa PTuesday, 17 September 2024 05:22 PM
පස් දෙනෙක්වත් හොයාගන්න බැරි කෙනෙක්...!
සෙනෙවිරත්න Tuesday, 17 September 2024 12:23 PM
ප්‍රේමසිරි මානගේ දැනටමත් මැතිවරණ නීති කඩ කරලා එහෙව් එකෙක් කියන කතා කවුරුත් සලකන්න එපා.
ගෙම්බා Tuesday, 17 September 2024 09:34 PM
ඕකේ ඕකේ ඕකේ කුදසායි ඔකාකෙ කුදසායි