(දයාරත්න ඇඹෝගම)
දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ අද(03) කළ මෙහෙයුමකදී සංයුක්ත තැටි, පරිගණකයක්, හා මුදල් සමඟ එම ප්‍රදේශයේ පල්ලියක සභාපතිවරයකු, මවුලවිවරයකු හා මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මවුලවිවරයා සතුව තිබූ සංයුක්ත තැටිවල තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වනු ලැබූ දේශන අඩංගු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම මුස්ලිම් ජාතිකයා සතුව තිබී රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් මෙහිදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අද(03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd