(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් තිදෙනෙකු ගල්කිස්ස, රත්මලාන සහ වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
එම පුද්ගලයන් සමඟ ලැප්ටොප් පරිඝණක හතරක් සහ ජංගම දුරකථන පහක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයන් තිදෙනාගේ නම් බුද්ධි අංශ මගින් හඳුනාගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේය.
එම පුද්ගලයන් සතුව තිබූ ලැප්ටොප් පරිඝනක වල අන්තර් ගත වීඩියෝ දර්ශන ඡායාරූප හා අනෙකුත් දත්ත සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ද සිදු කරන බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගණනාවක් තිස්සේ ඥානසාර හිමි සහ අමිත් වීරසිංහ රට වටේ ගිහින් කියපු දේ අද ඔප්පු වෙලා.
දර්ගා නගරය මැදින් වැඩම කළ හිමි නමට නිකරුනේ ගහනකොට, ගම්පොල පෙරහරට ගල් ගහනකොට රටට ලොකු විපතක අනතුර හුඟක් භික්ෂූන් වහන්සේලාත්, ගිහියනුත් දැනගෙන හිටියත් දේශපාලන බල ලෝභය නිසා කිසිදේකට රජයන් ඇහුම්කන් දුන්නේ නැහැ.