(නිමන්ති රණසිංහ)
තවුහීත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තා සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (10) කරුණු වාර්තා කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගීවෙමින් තහනම් සංවිධානයක් වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නැමැත්තා පිළිබදව තමා නොදන්නා බවත්, අයිඑස් ත්‍රස්ත සංවිධානය පිළිබදව කැමැත්තක් නොමැති බවත් ඔහු සඳහන් කර තිබිණැයි පොලිසිය කියයි.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 03 වන වගන්තිය යටතේ සහ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (තාවකාලික විධිවිධාන) 2, 3, වගන්ති යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව මෙහිදී ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා එකා ගැන අමුතුවෙන් මොනවා හොයන්නද මහත්තයෝ? අපිට තේරෙන ටිකවත් ඒ අයට නොතේරෙන එකනේ මෙතන තියන ප්‍රශ්නේ? කාගේ බළල් අතක්ද මේ..? අපරාදේ කියන්න බැහැ මොනවා වුනත් බළල් තඩියා කොස් ඇට විතරක් නෙමේ, ගෙඩිය පිටින්ම බාලා දුන්නා එයාට...
මෙයා ගැන හොයන්න දෙයක් නැහැ. රියල් පිග් තමයි..
මුලින්ම මේ පුද්ගලයා කරන දේශනා සහ වැඩසටහන් තහනම් කරන්න. මොහුම තමයි පාර්ලිමේන්තුවේ කමිටුව ඉස්සරහ කිව්වේ උසස් පෙලින් පස්සේ දේශනා පටන් ගත්තා. නමුත් මට කිසිම ආගමක් ගැන ඩිප්ලෝමා එකක් වත් නෑ කියලා. ආණ්ඩුවට ඒක කරන්න බැරි නම් මධ්‍යස්ථ මුස්ලිම් ජනයාවත් දැනගතයුතුයි. මෙවැනි පුද්ගලයන් දේශනා හෝ වැඩසටහන් කරන්න එද්දී පොල්ලකින් හරි ගහලා එලවන්න.
අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ.. ඔය හැමෝම එ් විනාශයට උඩ ගෙඩි දුන්නා ආයි...
මෙයා ගැන හොයන්න දෙයක් නෑ. අල්ලලා දාපියව් ඇතුළට. සමාජයට විෂබීජයක්..
මොහු පැහැදිලි ගෝත්රිකයෙකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ප්‍රසිද්ධියේ නිඝා කළ සිව්පාවෙකි. කරුණු රැස්කරගෙනවත් සිටින්න. මේ නිවට නියාලු පාලනය තුළ නිලධාරීන්ට නිවැරදිව රාජකාරි කළ නොහැකිව ඇත. නීති පද්ධතිය සම්පූර්ණයෙන්ම වල් වැදී ඇති වග ඉතා පැහැදිලියි. කිසියම් දිනෙක මොවුන් දඬුවම් විඳිනු ඇත. එය ස්වභාවික න්‍යායයි...
අන්තවාදී ඉතා සුළු පිරිසක් නිසා ඉස්ලාම් සමාජයටම ඉමහත් කැළලක් වෙලා. ලංකාවේ විතරක් නොවෙයි, මුළු ලෝකෙම ඉස්ලාම් සමාජය ගැරහුමට ලක්වුණේ මේ සුලුපිරිසකගේ අන්තවාදී අදහස් සහ ක්‍රියාවන්. මොවුන් මුළු මහත් සමාජයටම පිළිලයක්. නමුත් හොඳ යයි සම්මත පිරිස් ඉදිරියට නෑවිත් කටපියාගෙන සිටීම නිසා මුළු සමාජයම මෙයට වගකිය යුතුයි කියලයි... මා ඇතුළු බොහෝ පිරිසක් විශ්වාස කරන්නේ...