
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ තුවාල ලැබූ සොල්දාදුවන් ඉවත් කිරීමේ යෙදි සිටි හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 09 දෙනකු මියගොස් තිබේ.
තාක්ෂණික දෝශයක් හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි බලධාරීහු පවසති. නවා දිස්ත්‍රික්කයේදී අද (14) අලුයම මෙම අනතුර සිදුවී ඇත.
තලේබාන් සටන්කාමීන්ට එරෙහිව ඇමරිකානු ගුවන් හමුදාවේ සහායද සහිතව ඇෆ්ගන් හමුදා මෙම ප්‍රදේශයේ සටන් මෙහෙයවයි. පසුගිය දිනවල දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලුන බව වාර්තා විය.
හැමන්ඩ් පළාතේ එක් දිස්ත්‍රික්කයක පාලනය කැරළිකරුවන් විසින් අත්පත්කරගෙන ඇති අතර මේවනවිට ඔවුන් ලක්ෂර් ගා නගරයට නුදුරින් සටන් මෙහෙයවමින් සිටින බව සඳහන් වේ.
ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 35,000කට අධික පිරිසකට තම නිවෙස් වලින් පලායෑමට සිදුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
බීබීසී ඇසුරිනි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd