(රංජන් කස්තුරි)
මේ වසර තුළ පමණක් විදුලි ගාස්තු තෙවතාවක් ඉහළ නැංවීම නිසා මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණ කරුණු ඉදිරිපත් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් සහ එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෙට (7) උදේ 10ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයිද එම කාරක සභාවේ ලේකම් වරයා දැනුම් දී ඇත.
මේ වසරේ අවසන්වරට විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවූ අතර ඉකුත් ඔක්තෝබර් මස 20 වැනි දින සිට නව ගාස්තු ක්‍රියාත්මක කෙරිණි.
මීට මාස කිහිපයකට ඉහත දී ද විදුලි ගාස්තු 35% කින් සහ 68% කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් අතර ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය හිමිව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය ඔවා හොයන්න එපා. ලොක්කා කට්ටියම ගෙදර යවයි.
තවත් එක ටෙලි ඩ්‍රාමා එකක් ඇරඹෙන්න යන වගයි.
මෙවරත් පොහොට්ටුවන්ටම ඡන්දය දෙමු...
අපේ සල්ලි කන තව සංදර්ශනයක්. හිටපු සභාපති වැඩි කරන්න අවසර දුන්නේ නෑ කියලා ගෙදර යැව්වා. දැන් ඉන්න මිනිස්සු වැඩිකරන්න අවසර දුන්නා කියලා ප්‍රශ්න අහනවා. පේනවා නේද මේක කිසිම පාලනයක් නැති ඔහේ පාවෙන ආණ්ඩුවක් කියලා. රනිල් කියන්නේ අදක්ෂ දුර්වල මනුස්සයෙක් කියන එක ගැන අලුතෙන් හිතන්න දෙයක් නෑ...!
විදුලිබිල වැඩිකළා මදිවට වැඩිකිරීමට වගකිව යුතු කට්ටියම වැඩිකළේ ඇයි කියලා එයාලගේම කොමිටියට කැඳවලා ප්‍රශ්න කිරීමේ නොහොත් ජනතාව ගොනාට ඇන්දවීමේ වැඩපිළිවෙලයි මේක...
වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.. යකෝ මේ අය දැන්නේ ඇහැරිලා තියෙන්නේ...
ජනතාව අපහසුතාවට පත්කරන දූෂිත දේශපාලුවෝ ඉන්න රටක්... අපි ඔය දැක්කාමයි...!