(රන්ජන් කටුගම්පොල)
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියේ පුරප්පාඩු 4718ක් පිරවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කළේය.
අධිකරණය මෙසේ නියෝග කළේ දෙපාර්ශ්වය විසින් 2021 ජූනි 30 ඇතිකර ගන්නා ලද එකඟතාවයකට අනුවය.
විදුහල්පති විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් පිරිසක් විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක්ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නිතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය ජනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතා කියා සිටියේ රාජ්‍ය සේවා කොමිසම විදුහල්පති සේවයේ පුරප්පාඩු ඇති වී තිබෙන බව දැනුම් දී ඇති බවත් 2019 වසරේ මේ සම්බන්ධයෙන් පැවත්වූ විභාගයෙන් සමත් වූ පිරිසකගෙන් කොටසකට පත්විම් ලබාදී ඇති බවත් විභාගයෙන් සමත්වූ 4718 ක් සිටින බවත් මේ සම්බන්ධයෙන් ඇති එකගතාවය අනුව ඔවුන්ට පත්වීම් ලබාදිය හැකි බවත්ය.
දෙපාර්ශවය අතර ඇතිවු එකගතාවය අනුව අදාළ පත්වීම් පිරවීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තෙවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරු වහා පුරවනු