
(ෂේන් සෙනෙවිරත්න)
නියම චැසි අංකය වෙනස්කොට ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකොට තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකොට භාවිතා කළ අධිබල යතුරුපැදියක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ඩිෆෙන්ඩර් රථය අස්ගිරිය ප්‍රදේශයෙන්ද යතුරුපැදිය කටුකැලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එම වාහනය නිෂ්පාදනය කිරීමේදී කර්මාන්ත ශාලාවෙන් යොදන චැසි අංකය වෙනස් කොට වෙනත් චැසි අංකයක් තෙරපා ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තාකොට තිබෙන බව පොලිසිය කියයි.
ඒ අනුව එම ඩිෆෙන්ඩර් රථය භාවිතා කළ බව කියන මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ ධම්මසිද්ධි මාවතේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මහනුවර කටුකැලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක තහඩු සවිකල අධිබල යතුරුපැදිය සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ආරම්භ වී ඇති අතර එම යතුරුපැදිය අශ්ව බල 650 ක යතුරුපැදියක් බව පවසන පොලිසිය ඊට අශ්ව බල 250 අංක තහඩු යොදාගෙන භාවිතා කොට ඇති බව පොලීසිය කියයි.
එම යතුරුපැදියේ හිමිකරු මේ වන විට විදේශගතව ඇති බව පවසන පොලිසිය එම යතුරුපැදිය රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා විතරක් නෙමෙයි .ලංකාවේ දුවන මිනි කූපර් කාර් 90% ක්ම ජපානෙන් කපලා ගෙනැල්ලා මෙහෙ ආපහු එක්ලස් කරලා දුවන්නේ පරණ කාර් වල නොම්මර හොරට දාගෙන
රත්තරන් ඇමැති කෙනෙක් අධිබලැති මෝටර් බයිසිකලය ලියාපදිංචි කරන්න කියලා පාර්ලිමේන්තුවේ අඬා වැටුණා. මේ අධිබලැති ඒවා ගෙන්වා තියෙන්නේ දේශපාලන පරපුරේ අයම තමයි.
මට නම් මේ හොර වාහන කතා අහලා තිත්ත වෙලා. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය හොර වාහනද?
මේ හොරකම් වලට මුල විවිධ දේවල් සදහා පසුගිය රජයවල් පනවපු අසීමිත බදු උදාහරණයක් ලෙස සුරාබදු , වාහන බදු හදුන්වා දෙන්න පුළුවන් , එම නිසා එම භාණ්ඩ සදහා වෙළදපලේ කෘතිමව ඉතා ඉහල මිලක් නිර්මාණය වෙනවා , එහෙම වුනහම ලොකු නිලධාරියෝ සහ දුෂිත දේශපාලකයෝ ජාවාරම් කරන්න පෙලබෙනවා , අන්තිම රජයට ලැබෙන බද්දකුත් නැහැ , මුල ඉඳලම මේවට දරාගන්න පුළුවන් සුළු බද්දක් ගැහුවනම් මෙම හොරකම් නතරවෙනවා
ගුණරත්න ,අහල එපාවෙන තරමට ජරා වැඩ තමයි තමුන්ලගෙ හාම්පුත්තු කරල තියෙන්නෙ. රටට බදු නොගෙවන ජාවාරම් අහු උනහම එය එපාවෙන ප්‍රවෘත්තියක් වෙනව නම් ඒකට සම්බන්ධ අයෙක්ම වෙන්න ඕන.අපට නම් ඕව රසවත් ප්‍රවෘත්ති, එක්කො ඕකුන්ට කානුවලට බැහැල හුරේ දාපු එකෙක්ම වෙන්න ඕන