
(ෂේන් සෙනෙවිරත්න)
හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අනිවත්තේ පිහිටි එම නිවසේ ගරාජය පරීක්ෂා කිරීමේදී එම රථ දෙක රහසිගත ලෙස සඟවා තිබියදී එසේ අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම මෝටර් රථ දෙක නීතියානුකූල නොවන ආකාරයට වරායෙන් පිටකළ මෝටර් රථ දෙකක් බවට පොලිසිය සැක කරන අතර එම මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමටද නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන්ගේ බෑන නේද? මතකයි පහුගිය දවස්වල මාලිමාව දීපු පොරොන්දු මකත් කරමින් හොරු අල්ලන පොරොන්දුව අමතක වෙලා වගේ දෙනව කියපුව කරගන්න බලය ඉල්ලුවා, හැබැයි හොරු අල්ලන පොරොන්දුව අමකත කළා මතක්වෙන කොට බඩ යන නිසා.
ගොඩක් දෙනාට දැන් හීන් දාඩිය දානවා ඇති නේද අබිලිං ? මහ මැතිවරණය ඉවර වුණාට පස්සේ හොඳ සෙල්ලං බලන්න පුළුවන් වෙන හැඩයි...
අනේ රත්තරනේ කියලා තමයි කියන්න තියෙන්නේ. පහුගිය කාලේ කිව්වා අම්මා කිව්ව නිසා මහින්ද රාජපක්ෂ අත හැරලා රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වුණා කියලා. අපරාදේ අම්මාගේ සාත්තරේ වැරදුනා. කියන්න තිබ්බේ අනුර කුමාර දිසානායක එක්ක එකතු වෙන්න කියලා.
කෝ හොරු ඇල්ලුවාද කිය කියා කෑ ගැහුව මහත්වරුන්ට දැන් හැංගෙන්න තැන් හොයා ගන්න වෙනවා.