(ෂේන් සෙනෙවිරත්න)
හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අනිවත්තේ පිහිටි එම නිවසේ ගරාජය පරීක්ෂා කිරීමේදී එම රථ දෙක රහසිගත ලෙස සඟවා තිබියදී එසේ අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම මෝටර් රථ දෙක නීතියානුකූල නොවන ආකාරයට වරායෙන් පිටකළ මෝටර් රථ දෙකක් බවට පොලිසිය සැක කරන අතර එම මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමටද නියමිතය .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ
සෙනෙවිරත්න Sunday, 20 October 2024 09:36 PM
රත්තරන්ගේ බෑන නේද? මතකයි පහුගිය දවස්වල මාලිමාව දීපු පොරොන්දු මකත් කරමින් හොරු අල්ලන පොරොන්දුව අමතක වෙලා වගේ දෙනව කියපුව කරගන්න බලය ඉල්ලුවා, හැබැයි හොරු අල්ලන පොරොන්දුව අමකත කළා මතක්වෙන කොට බඩ යන නිසා.
SIRI Monday, 21 October 2024 03:14 AM
ගොඩක් දෙනාට දැන් හීන් දාඩිය දානවා ඇති නේද අබිලිං ? මහ මැතිවරණය ඉවර වුණාට පස්සේ හොඳ සෙල්ලං බලන්න පුළුවන් වෙන හැඩයි...
Rama Monday, 21 October 2024 05:29 AM
අනේ රත්තරනේ කියලා තමයි කියන්න තියෙන්නේ. පහුගිය කාලේ කිව්වා අම්මා කිව්ව නිසා මහින්ද රාජපක්ෂ අත හැරලා රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වුණා කියලා. අපරාදේ අම්මාගේ සාත්තරේ වැරදුනා. කියන්න තිබ්බේ අනුර කුමාර දිසානායක එක්ක එකතු වෙන්න කියලා.
අරවින්ද මොනරවිල Monday, 21 October 2024 09:18 AM
කෝ හොරු ඇල්ලුවාද කිය කියා කෑ ගැහුව මහත්වරුන්ට දැන් හැංගෙන්න තැන් හොයා ගන්න වෙනවා.
S. UddaMonday, 21 October 2024 10:23 AM
ඔය හොරා ගැන ඉස්සෙල්ලාම කිව්වේ චමල් රාජපක්‍ෂ. ඒ අවුරුදු 10ක් වගේ කාලෙකටත් ඉස්සර. ඒ වෙලාවේ පොලිසියෙන් හරි CID එකෙන් හරි ප්‍රශ්න කරන්න එනකොට නයෙක් ගැහුවා කියලා කලුතර රජයේ රෝහලට ඇතුල් වෙලා හිටියා. පුදුමයි අරවින් ද මොනරවිල පාම්බු කතාව අහලා නැති එක ගැන.
ඇන්ඩ්රු සෙබඩවිලMonday, 21 October 2024 10:50 AM
අල්ලපු හොරාගේ නම දන්නවා අපි කියන්නේ නෑ.