(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව තානාපතිවරයන් සිවු දෙනෙකු අමාත්‍යාංශ ලේකම්වරයන් දෙදෙනෙකු සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙකු පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත
ඒ අනුව වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා මහතා පත් කිරීමට සහ පෝලන්ත සමුහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන මහත්මිය පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.
එමෙන්ම තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ මහත්මිය සහ මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම මහත්මිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.
එයට අමතරව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ඉංජිනේරු) ආර්.ජී. රූබසිංහ මහතා පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න මෙනවිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.
තවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස් මහතා පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පත්වීම් ඔක්කොම තාවකාලිකයි, තව මාස කිහිපයකට පමණයි, සුදුසුකම් සහිත , ඥාති සංග්‍රහයෙන් තොර ,දේශපාලනයෙන් තොර ,දක්ෂ තානාපතිවරුන්,නිලධාරින් පත්වන කාලය වැඩි ඈතක නැහැ.
උතුරේ ජනතාවට සෑම ඡන්දයකදීම සිදුවන්නේ අපරාධ සහ අඩත්තේට්ටම් බව කිව යුතුයි. 2005 ජනපති වරණයේදී ප්‍රභාකරන් ලවා ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළක්වනු ලැබුවේද රාජපක්ෂලාගේ වාසියටයි. එම අවස්ථාවේ අනුර සහොදරයා ද සිටියේ රාජපක්ෂ සමග බව අපට මතකයි...!