(අංජුල මහික වීරරත්න)
තවත් යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් විසිපන්දහසක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව ලංකා පොහොර සමාගම මගින් 60% ක් ද සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් සියයට 40ක් ද වශයෙන් එම පොහොර ආනයනය කිරීමට නියමිතය.
2023 යල කන්නය සඳහා රජයේ පොහොර සමාගම් දෙකේ හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ඉතිරි වී පවතින තොග සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සපුගස්කන්ද පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙස යූරියා නිපදවූබව අපට මතකයි ඒ ව්‍යාපෘතියට මොකද උනේ? ඒකෙන් බලධාරීන්ගේ සාක්කු නම් පිරුනෙ නෑ.