IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි?

(සුජිත් හේවාජුලිගේ)

රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත.

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ආචාර්ය උපාධිය හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ඉංජිනේරු උපාධිය ඇතුළු හය ෙදනකුෙග් අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇත.

එසේම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට ද එම දේශපාලන පක්ෂ මේ දිනවල කටයුතු කරමින් සිටී.

මේ අතර ජාතික ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් සිය ෆේස්බුක්වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් හදිසියේම ඉවත් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.

කෙසේ වෙතත් එම ෆේස්බුක් ගිණුම්වල ඉතිහාසය ( HISTORY) කොටස පරීක්ෂා කිරීමේදී එම ඉවත් කිරීම් මෙයට දින කිහිපයකට පෙර කර ඇති බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.

සමහර මන්ත්‍රීවරුන් මෙම අධ්‍යාපන සුදුසුකම් මහ මැතිවරණයේ ප්‍රචාරක පත්‍රිකාවල බැනර් සහ පෝස්ටර්වල පැහැදිලිවම සඳහන් කර තිබූ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.

 



අදහස් (24)

තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි?

NIMAL Monday, 16 December 2024 12:41 AM

රජයේ පමණක් නොව විපක්ෂයේ මන්ට්‍රිවරුන්ගේද සොයාබැලීම වැදගත්වේ. මෙම සොයාබැලීම් සිදුකිරීමට හේතුවූ ප්‍රධානතම වැදගත්ම කාරණය වන්නේ ඔවුන්ට සත්‍ය වශයෙන්ම ඔවුන් ප්‍රසිද්ධ කළ සුදුසුකම් තිබේද යන්න පමණකි. නොමැති සුදුසුකම් තිබීමත් සහ කළ නොහැකිදේ ප්‍රකාශ කිරීමත්, ලබාදුන් පොරොන්දු ඉටුනොකිරීම මත මේ ආණ්ඩුව අසමත් වී ඇත. රටේ පුරවැසියන් මුලාකර රැවැටීමට ලක්කර ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට එරෙහිව අරගලයක් සිදුවිය යුතුවේ. පසුගිය අරගලය සිදුවූයේ දුෂිතයින් පලවා හැරීමට වේ. මෙවර අරගලය පැවැත්වීමට සිදුවන්නේ බොරුකාරයින් පලවා හැරීමට වේ. ලංකාවේ මිනිස්සු පෘතුගීසින් පලවා හැරීමට ලන්දේසීන් ගෙන්වා ගැනීම පෙර සිදුවූවාසේ සිදුවීමට නැවත සිදුවී ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා ලන්දේසීන් පලවා හැර ඉන්පසු කරන්නේ කුමක්ද කියා ගැඹුරින් සිටීමට කාලය පැමිණ ඇත.

:       43       41

ජගත් ලියනගේ Monday, 16 December 2024 06:02 AM

මිනිස්සු ජා.ජ.වේ. ට ඡන්දෙ දුන්නේ එක එක්කෙනාගේ පට්ටම් වලට නෙවෙයි. පැවති ක්‍රමයේ වෙනසක් සදහායි. එනම් හොරකම් සහ දුෂණය නවත්තලා රට සංවර්ධනය කරන්න.

:       36       93

යෝගා Monday, 16 December 2024 06:20 AM

අපරාදේ කියන්න බෑ, ගෝලයෝ ටික ලොක්කාගේ බොරු විදීම අකුරටම ආදර්ශයට අරන් තියෙනවා. බොරුවෙන් රජ වුණත් ඇත්ත එළිවෙන කොට මුළු ලෝකයේම සමච්චලයට පත්වෙනවා. එක මිටකට පච එළියට...!

:       66       41

FreemanHAT Monday, 16 December 2024 06:39 AM

ඇමරිකාවටයි, ඉන්දියාවටයි බොරු ප්ලෑන් ගහලා මේ රටේ මිනිස්සු ලේසියෙන් රවට්ටන්න පුලුවන්... හැබැයි බොරැවට ආයුෂ කෙටියි කියන ධර්මතාවය වෙනස් කරන්න බෑ...

:       22       65

Hanifa Monday, 16 December 2024 06:51 AM

ඔය පක්ෂයේ ගම් මට්ටමේ සංවිධායකලා වුනත් එහෙමම තමයි මම අහවල් තැන අහවලා කියලා ප්‍රශිද්ධියේ කියනවා ගිහිල්ල බැලුවම එතැන සනීපාරක්ෂක කම්කරු හැටියට තමයි වැඩ කරන්නෙ.මටනම් එවැන්නෙක් ගැන හොද දැනීමක් තියෙනවා ඔහුටත් පුලුවන් කයිවාරුව පමණයි වැඩක්නම් කරන්න දන්නෙම නැහැ

:       22       62

Dr බකල ජයා මැතිතුමා Monday, 16 December 2024 08:23 AM

ලොකු ඇඳුම් පඹයන්ට අන්දපුවම කුරුල්ලො වගේ සත්තු බයකරන්න පුළුවන් හැබැයි ඉතින් වැඩක් කරන්න ගියාම අමාරුයි. ෂර්ට් එක ලොකු නම් අත් හැම එකේම පැටලෙනවා. කලිසමක් නම් මට කලින් කලිසම යනවා

:       16       53

Lalla Monday, 16 December 2024 08:46 AM

අපේක්ෂක ලයිස්තුවල කවදාවත් තිබුනේ නැති පට්ටම්; කප්පම්කරු , වෘත්තීය මැර, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ව්‍යාපාරික, හොර වාහන ව්‍යාපාරික....ඒවත් සමහර මන්ත්‍රීලට තිබුන වෘත්තීන්.

:       4       61

ravin Monday, 16 December 2024 08:54 AM

මෙහෙදි අත්‍යවශයෙන්ම වැදගත් නියාමනයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් නිකුත් කර ඇත. ඊට අනුකූලව තමා සුදුසුකම් පවතීනවා නම් බුරන බල්ලෝ සපා කන්නේ නැත යන්නට අරුතක් දිය යුතුයි

:       0       29

Chinthaka Monday, 16 December 2024 09:03 AM

ඇයි ආණ්ඩුවේ අයගේ විතරක් , විපක්ෂයේ අයගෙත් අධ්‍යාපන සුදුසුකම් සොයා බලන්න

:       19       67

පම්පෝරි ජනක Monday, 16 December 2024 10:12 AM

විපක්ෂේ අයගේ මොනවද ඉතින් හොයන්න තියෙන්නේ ? ඇත්තටම මාල කියක් කැඩුවද ? මහා බැංකුවෙන් කියක් හොරකම් කලාද ? නිදන් කියක් හැරුවද

:       21       70

ජානකීMonday, 16 December 2024 11:22 AM

පම්පෝරි ජනකයෝ තමුන් තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක් තියෙන බව නොදන්නා මෝඩයෙක් කියලා හිතෙනවා. කවුරු හෝ මහ බැංකුවල මහ දවාලේ කැඩුවා නම් කොතරම් සම්පත් නාස්ති වුණාද? ඒ වෙනුවෙන් ඇපයක් තැබුවද? ඒවා තවමත් තිබේද? පාඩුව පියවාගන්න ක්‍රමය මොකක්ද කියලා එම පනත යටතේ විමසීමක් කර හොරා කෑබව ඔප්පු කරන්න පුළුවන් නම් ඔහොම අදහස් ඉදිරිපත් කරන්නකෝ... නැත්නම් දේශපාලුවෝ කරන මඩගැසීම් වලට හවුල් නොවී ඉන්න.. ඔයාලා තමයි මැරුණාට පස්සේ රිලව් වෙලා උපදින්නේ...

:       8       23

Jayasekara Monday, 16 December 2024 10:19 AM

ඉස්සර මැටි බරවා ඇමැති කෙනෙක් හිටියා උගේ අධ්‍යාපන සුදුසුකම් හෙව්වාද?

:       8       24

fairoos Monday, 16 December 2024 11:03 AM

පට්ටම් වලින් වැඩක් නෑ අවුරුදු 76 ක් රට හොරාකාපු අයගේ වාර්තාවන් කඩන්න එපා

:       10       33

සෙනෙවිරත්න Monday, 16 December 2024 11:47 AM

හනීෆා, රටේ වැදගතුන් පත්කරලා යවලා වෙච්චි සන්තෑසිය පේනවනේ, ඉතින් සනීපාරක්ෂක කම්කරුවන්ට අවස්ථාවක් දීලා බලමු. වෙන රටක නම් ඔයාලා වගේ රැකියාවෙන් මිනිස්සු මනින්න ගියා නම් ඉන්න හම්බවෙන්නේ නැහැ.

:       14       16

හනීෆාMonday, 16 December 2024 07:52 PM

සෙනෙවිරත්න ඒ සනීපාරක්ෂක කම්කරු මගේ යාලුවෙක්... මට අත්‍යාවශ්‍යම ලේඛණයක් ගන්න ඒ මනුෂ්‍යයාගේ කාර්‍යාලයට අයැදුම්පතක් ඉදිරිපත් කළා. ගියපු හැම වෙලාවේම හෙට දෙන්නම් කිව්වා. එහෙම පිටපිට දවස් තුනක්ම ගියා. අවශ්‍ය කාලය පසුවුණා. ඉතින් ගෙවූ මුදලට ලිපිය අවශ්‍ය නිසා මුලින් කියූ සේවකයාට කිව්වා. ඒ වෙලාවේ ගෙනැවිත් දෙනවා කියලා පොරොන්දු වුණා. අවුරුදු එකහමාරක් ගතවුණා. තවමත් නැහැ සත්‍යයම සිදුවීමක් කිව්වාම ඇනුම්පද කියන්න එපා...

:       0       0

Gamini Monday, 16 December 2024 01:14 PM

සෙනවිරත්න රෙදිසෝදන මැෂිම ලංකාවේ හොඳම සන්නාමය...

:       2       20

Toni Monday, 16 December 2024 01:17 PM

එදකින් මාලිමා බයියෝ... පචාරිස්ලට කවි ලියලා ගැම්මට කඩේ යනහැටි...

:       5       22

Daya Monday, 16 December 2024 01:20 PM

ආවේ ශ්‍රමදාන දාලා, වල්පැළ ගලවලා , මල්පැල හිටවන්නේ... හරිම නිකලැල් ජෙප්පෝ... දැන් කියනවා වෙන අය වැරැදි කරපු හින්දා අපිත් කරනවා කියලා... ඊයා හලෝ...

:       7       24

Toni Monday, 16 December 2024 02:38 PM

වෙන අය රැවැට්ටුවේ එකම තාලෙට... මේ අය රවට්ටන්නේ විද්‍යාත්මකව... ඒකයි පුනරුදය කියන්නේ සහෝදරයා...

:       4       19

Nalin Monday, 16 December 2024 03:31 PM

දැන් රංවල ගියේ ගව්වක් උඩට උස්සලා කියලා භක්තිගීත කිව්වා නේද? උස්සපු තරම පේනවා පට්ටම් ගැලවෙන ගැලවිල්ලෙන් මොකක්ද එක වෙඩිල්ල කරන ජෙබයියෝ...!

:       7       15

Athula Tuesday, 17 December 2024 01:14 PM

වැදගත් වෙන්නෙ කරන සේවය මිස උපාධිය නොවේ.. රෙද්ද තමයි 76 ක්‌ හිටපු උන් කොරේ කෙළවෙන්න හොරකම් දුෂණ අපරාද මත්ද්‍රව්‍ය මේව කළේ කවුද එදා සිට. එතකොට උඹලා පට්ටම් හෙව්වද..? දැන් ආණ්ඩුව ශීලචාරයි විනයක් තියෙනවා හොරකම් කරන්නේ නැහැ... ඒ ඇති

:       7       15

මාලිමාව Tuesday, 17 December 2024 10:27 PM

දැන් එතකොට කියන්නේ ආයෙම රට අර පරණ සෙට් එකට බාරදෙන්න කියලද?

:       2       12

Donal Wednesday, 25 December 2024 02:36 PM

වැදගත් වෙන්නේ වැඩක් කිරිම මිස උපාධිය නෙමෙයි... එහෙනම් මොන බිබික්කමකටද මුලට පට්ටම් දාගත්තේ.. අහිංසක මිනිස්සුන්ව අලුත් විදියකට රවට්ටන්න නේද?

:       0       6

රාසික් Thursday, 26 December 2024 10:33 AM

ජන බල වේගයට කතිරය ගහලා ඉල්ලං අපි කන්න වගේ. හැම එකාම බලයට ආවාට පස්සේ හැම එකාම විසිල් විතරයි බල්ටි .හොරා කාපු සල්ලි ඇල්ලුවා ද? හොරා කාපු එවුන්ව ඇල්ලුවාද නැහැනේ. යකෝ මේතාක් අපි හිතුවෙ පහුගිය ආණ්ඩුවල එවුන් තමයි බොරු කිව්වේ කියලයි.බලාන ගියහම මාලිමාවෙ එවුනුත් එසේම තමා.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site