
(සුජිත් හේවාජුලිගේ)
රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත.
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ආචාර්ය උපාධිය හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ඉංජිනේරු උපාධිය ඇතුළු හය ෙදනකුෙග් අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇත.
එසේම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට ද එම දේශපාලන පක්ෂ මේ දිනවල කටයුතු කරමින් සිටී.
මේ අතර ජාතික ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් සිය ෆේස්බුක්වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් හදිසියේම ඉවත් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.
කෙසේ වෙතත් එම ෆේස්බුක් ගිණුම්වල ඉතිහාසය ( HISTORY) කොටස පරීක්ෂා කිරීමේදී එම ඉවත් කිරීම් මෙයට දින කිහිපයකට පෙර කර ඇති බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.
සමහර මන්ත්‍රීවරුන් මෙම අධ්‍යාපන සුදුසුකම් මහ මැතිවරණයේ ප්‍රචාරක පත්‍රිකාවල බැනර් සහ පෝස්ටර්වල පැහැදිලිවම සඳහන් කර තිබූ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ පමණක් නොව විපක්ෂයේ මන්ට්‍රිවරුන්ගේද සොයාබැලීම වැදගත්වේ. මෙම සොයාබැලීම් සිදුකිරීමට හේතුවූ ප්‍රධානතම වැදගත්ම කාරණය වන්නේ ඔවුන්ට සත්‍ය වශයෙන්ම ඔවුන් ප්‍රසිද්ධ කළ සුදුසුකම් තිබේද යන්න පමණකි. නොමැති සුදුසුකම් තිබීමත් සහ කළ නොහැකිදේ ප්‍රකාශ කිරීමත්, ලබාදුන් පොරොන්දු ඉටුනොකිරීම මත මේ ආණ්ඩුව අසමත් වී ඇත. රටේ පුරවැසියන් මුලාකර රැවැටීමට ලක්කර ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට එරෙහිව අරගලයක් සිදුවිය යුතුවේ. පසුගිය අරගලය සිදුවූයේ දුෂිතයින් පලවා හැරීමට වේ. මෙවර අරගලය පැවැත්වීමට සිදුවන්නේ බොරුකාරයින් පලවා හැරීමට වේ. ලංකාවේ මිනිස්සු පෘතුගීසින් පලවා හැරීමට ලන්දේසීන් ගෙන්වා ගැනීම පෙර සිදුවූවාසේ සිදුවීමට නැවත සිදුවී ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා ලන්දේසීන් පලවා හැර ඉන්පසු කරන්නේ කුමක්ද කියා ගැඹුරින් සිටීමට කාලය පැමිණ ඇත.
මිනිස්සු ජා.ජ.වේ. ට ඡන්දෙ දුන්නේ එක එක්කෙනාගේ පට්ටම් වලට නෙවෙයි. පැවති ක්‍රමයේ වෙනසක් සදහායි. එනම් හොරකම් සහ දුෂණය නවත්තලා රට සංවර්ධනය කරන්න.
අපරාදේ කියන්න බෑ, ගෝලයෝ ටික ලොක්කාගේ බොරු විදීම අකුරටම ආදර්ශයට අරන් තියෙනවා. බොරුවෙන් රජ වුණත් ඇත්ත එළිවෙන කොට මුළු ලෝකයේම සමච්චලයට පත්වෙනවා. එක මිටකට පච එළියට...!
ඇමරිකාවටයි, ඉන්දියාවටයි බොරු ප්ලෑන් ගහලා මේ රටේ මිනිස්සු ලේසියෙන් රවට්ටන්න පුලුවන්... හැබැයි බොරැවට ආයුෂ කෙටියි කියන ධර්මතාවය වෙනස් කරන්න බෑ...
ඔය පක්ෂයේ ගම් මට්ටමේ සංවිධායකලා වුනත් එහෙමම තමයි මම අහවල් තැන අහවලා කියලා ප්‍රශිද්ධියේ කියනවා ගිහිල්ල බැලුවම එතැන සනීපාරක්ෂක කම්කරු හැටියට තමයි වැඩ කරන්නෙ.මටනම් එවැන්නෙක් ගැන හොද දැනීමක් තියෙනවා ඔහුටත් පුලුවන් කයිවාරුව පමණයි වැඩක්නම් කරන්න දන්නෙම නැහැ
ලොකු ඇඳුම් පඹයන්ට අන්දපුවම කුරුල්ලො වගේ සත්තු බයකරන්න පුළුවන් හැබැයි ඉතින් වැඩක් කරන්න ගියාම අමාරුයි. ෂර්ට් එක ලොකු නම් අත් හැම එකේම පැටලෙනවා. කලිසමක් නම් මට කලින් කලිසම යනවා
අපේක්ෂක ලයිස්තුවල කවදාවත් තිබුනේ නැති පට්ටම්; කප්පම්කරු , වෘත්තීය මැර, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ව්‍යාපාරික, හොර වාහන ව්‍යාපාරික....ඒවත් සමහර මන්ත්‍රීලට තිබුන වෘත්තීන්.
මෙහෙදි අත්‍යවශයෙන්ම වැදගත් නියාමනයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් නිකුත් කර ඇත. ඊට අනුකූලව තමා සුදුසුකම් පවතීනවා නම් බුරන බල්ලෝ සපා කන්නේ නැත යන්නට අරුතක් දිය යුතුයි
ඇයි ආණ්ඩුවේ අයගේ විතරක් , විපක්ෂයේ අයගෙත් අධ්‍යාපන සුදුසුකම් සොයා බලන්න
විපක්ෂේ අයගේ මොනවද ඉතින් හොයන්න තියෙන්නේ ? ඇත්තටම මාල කියක් කැඩුවද ? මහා බැංකුවෙන් කියක් හොරකම් කලාද ? නිදන් කියක් හැරුවද
ඉස්සර මැටි බරවා ඇමැති කෙනෙක් හිටියා උගේ අධ්‍යාපන සුදුසුකම් හෙව්වාද?
පට්ටම් වලින් වැඩක් නෑ අවුරුදු 76 ක් රට හොරාකාපු අයගේ වාර්තාවන් කඩන්න එපා
හනීෆා, රටේ වැදගතුන් පත්කරලා යවලා වෙච්චි සන්තෑසිය පේනවනේ, ඉතින් සනීපාරක්ෂක කම්කරුවන්ට අවස්ථාවක් දීලා බලමු. වෙන රටක නම් ඔයාලා වගේ රැකියාවෙන් මිනිස්සු මනින්න ගියා නම් ඉන්න හම්බවෙන්නේ නැහැ.
සෙනවිරත්න රෙදිසෝදන මැෂිම ලංකාවේ හොඳම සන්නාමය...
එදකින් මාලිමා බයියෝ... පචාරිස්ලට කවි ලියලා ගැම්මට කඩේ යනහැටි...
ආවේ ශ්‍රමදාන දාලා, වල්පැළ ගලවලා , මල්පැල හිටවන්නේ... හරිම නිකලැල් ජෙප්පෝ... දැන් කියනවා වෙන අය වැරැදි කරපු හින්දා අපිත් කරනවා කියලා... ඊයා හලෝ...
වෙන අය රැවැට්ටුවේ එකම තාලෙට... මේ අය රවට්ටන්නේ විද්‍යාත්මකව... ඒකයි පුනරුදය කියන්නේ සහෝදරයා...
දැන් රංවල ගියේ ගව්වක් උඩට උස්සලා කියලා භක්තිගීත කිව්වා නේද? උස්සපු තරම පේනවා පට්ටම් ගැලවෙන ගැලවිල්ලෙන් මොකක්ද එක වෙඩිල්ල කරන ජෙබයියෝ...!
වැදගත් වෙන්නෙ කරන සේවය මිස උපාධිය නොවේ.. රෙද්ද තමයි 76 ක් හිටපු උන් කොරේ කෙළවෙන්න හොරකම් දුෂණ අපරාද මත්ද්‍රව්‍ය මේව කළේ කවුද එදා සිට. එතකොට උඹලා පට්ටම් හෙව්වද..? දැන් ආණ්ඩුව ශීලචාරයි විනයක් තියෙනවා හොරකම් කරන්නේ නැහැ... ඒ ඇති
දැන් එතකොට කියන්නේ ආයෙම රට අර පරණ සෙට් එකට බාරදෙන්න කියලද?
වැදගත් වෙන්නේ වැඩක් කිරිම මිස උපාධිය නෙමෙයි... එහෙනම් මොන බිබික්කමකටද මුලට පට්ටම් දාගත්තේ.. අහිංසක මිනිස්සුන්ව අලුත් විදියකට රවට්ටන්න නේද?
ජන බල වේගයට කතිරය ගහලා ඉල්ලං අපි කන්න වගේ. හැම එකාම බලයට ආවාට පස්සේ හැම එකාම විසිල් විතරයි බල්ටි .හොරා කාපු සල්ලි ඇල්ලුවා ද? හොරා කාපු එවුන්ව ඇල්ලුවාද නැහැනේ. යකෝ මේතාක් අපි හිතුවෙ පහුගිය ආණ්ඩුවල එවුන් තමයි බොරු කිව්වේ කියලයි.බලාන ගියහම මාලිමාවෙ එවුනුත් එසේම තමා.