(සුජිත් හේවාජුලිගේ )
ආනයන අපනයන පාලන පනත යටතේ කිරිපිටි , යෝගට් ඇතුළු වෙනත් කිරි ආහාර , පලතුරු, ඇට වර්ග, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් ඊයේ (23) නිකුත් කරනු ලැබීය.
එම නිවේදනයට අනුව මෙම භාණ්ඩ ආනයනය අත්හිටුවීම ඊයේ සිටම ක්‍රියාත්මක වන්නේය.
රටේ මුදල් ස්ථාවරත්වය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙලෙස ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද භාණ්ඩ ලයිස්තුවට පොල්, මල් හා පැළ වර්ග, රටකජු, චොකලට්, ජල බෝතල්, ඇල්කොහොල් රහිත බියර්,ෂැම්පු,දැව වර්ග ,කෘතීම කෙඳි වර්ග,ගෘහ උපකරණ,ඉදිකිරීම් උපකරණ යනාදියද ඇතුළත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩ මොනවාද නොදැන අදහස් දෙන්න බැහැ
භාණ්ඩ ආනයනය නතර කර ආර්ථිකය දියුණු කල නොහැකිය. මන්ද ආනයන වලට ඉල්ලුමක් ඇත්තේ ඒවා යොදා ගෙන ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන බැවිනි. මෙහි සමහර ආනයන භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් ලෙස භාවිතා කරන බව පෙනේ.
චීනෙන් ගෙන්වන වැඩකට නැති පල්ස්ටික් සෙල්ලම් බඩු හා අනෙකුත් භාණ්ඩ මෙම තහනමට ඇතුලත් ද ? නැත්නම් ඒවා තහනම් කරන්න බයද ?
තේරුමක් නැති වැඩක්. මිනිස්සුන්ට ඕවා ගන්න කොහොමත් සල්ලි නැහැ
චීනෙන් ගෙන්නන තොරොම්බල් ලටපට සියල්ල සදාකාලිකව තහනම් කරන්න.
රට මේ තරම් ආර්ථික ප්‍රපාතයකට ඇද දමා තිබියදීත්, ඇතැම් දේශපාලකයින්ගේ වත්කම් බැරකම් සොයා ඔවුන් රටෙන් හොරා කෑ බව කියනා මුදල් හා දේපළ ගැන සොයා නොබලන්නේ මන්ද? රටේ පුංචි මිනිසාට සුළු හොරකමක් උදෙසා දැඩිව ක්‍රියාත්මක වන නීතිය බලවත් අයට තවත් ආකාරයකට ක්‍රියාත්මක වනුයේ මන්ද?
මේවා කරන්න තිබුණේ අවුරුදු 10කට ඉස්සෙල්ලා..
ලංකාවේ ගොඩක් තියෙන්නේ අවශ්‍ය භාණ්ඩ නෙවෙයි. මිනිස්සුන්ව බය කරලා, අවශ්‍යතාවය ඇතිකරලා විකුණන බඩු. වෙළෙඳ දැන්වීම් දිහා බැලුවාම ඒක හොඳට පේනවා. මේ ගැන දීර්ඝ වශයෙන් කතාකළ යුතු දෙයක්...
ඔය යන විදියට නම් ඔය ලැයිස්තුව තවතවත් දික්වන බවයි පෙනෙන්නේ. කළයුත්තේ ඩොලර් උපයන්න වැඩ පිළිවෙලක් සකස් කිරීමයි. අපනයන කරුවන් දැන් ගැටළු ගණනාවකට මැදිවෙලා. අමුද්‍රව්‍යවල මිල හතර පස් ගුණයකින් වැඩිවෙලා. නැව් ගාස්තුද අහස උසට වැඩි වෙලා. එහෙත් ඩොලර් නම් හතර පස් ගුණයකින් වැඩිවෙලා නෑ. උද්ධමනය පාලනය කරන්නට වැඩ පිළිවෙලක් ද නැත...!
මේවායින් යම් ප්‍රමාණයක ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. ඒ වුණාට ඩොලර් එවන පිටරට ඉන්න අයට හොඳ සහන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළොත් මීට වැඩිය ඩොලර් ලැබෙයි.
මේ රටට කරන තරමක් ආනයනය කරන්නේ අනවශ්‍ය දේවල්. ඔය ඇපල්, මිදි, එළවළු කිසිසේත්ම මේ රටට අවශ්‍ය දේ නෙවෙයි. සෙල්ලම් බඩු, ප්ලාස්ටික් බඩු... ඒවා ලංකාවේ හදන්න පුළුවන්... මේ රටෙන් සීනි, පිටි, කිරිපිටි අයින් කරලා දාපු දවසට සෙෳඛ්‍ය වියදම් 80% අඩුවෙයි. තිරිඟු පිටි රොඩ්ඩට වැට බැන්ද දාට ලෙඩ්ඩු අඩු වෙයි.