(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්‍ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ දී අද (28) පැවති එම පක්‍ෂ මහරගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවකුට අද වන තුරු ආණ්ඩුවට එක්වීමට අනුමැතිය දී නැතැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල ද සිල්වා ‘වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ’ යනුවෙන් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පැවසූ බව ද කීවේය.
එසේ පවසා ඊට පසුදිනම ඔහු ආණ්ඩුවට එක් වූ බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට තව ඇමතිවරු 30ක් සහ රාජ්‍ය ඇමතිවරු 40ක් පත්කරන බවට ආරංචි ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
තමන්ට අගමැතිකම ලබාදුන්නේ නම් මීට වඩා වෙනසක් කරන බව පක්ෂයේ අය පැවසුවත් පොහොට්ටු පක්‍ෂයේ නායකයන් විසින් පාලනය කරන ආණ්ඩුවක අගමැතිකමක් තමන් භාරනොගන්නා බව ද හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලගොඩවත්තෙ නානසාර එක්ක තමයි ආන්ඩුවක් පිහිටුවන්න වෙන්නෙ ... කොලෙ ඉරාගෙන ඇගේ හලාගෙන පීචන් උනා මඩිදෝ ???
දැන් ආප්ප වරිග කිහිපයක් ඇත.... බිත්තර ආප්ප... කොත්තු ආප්ප.... විස්කි ආප්ප... බ්‍රැන්ඩි ආප්ප... වොඩ්කා ආප්ප.... ඒ වුනාට ආප්ප හදන පිටි මිශ්‍රණය තමයි මූලිකව වැදගත් වන්නේ අනන්නාගේ 'අත'ට...!
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා එකතුවෙලා මොන ආණ්ඩුවක් හැදුවත් ජනතාව ඒක පිළිගන්නේ නෑ. ජනතාව දන්නවා වෙනස් වෙන්නේ නම්පුවරුව පමණි. මේකෙ ඉන්න බහුතරය බොරුකාරයින්, කුඩුකාරයින්, වංචාකාරයින්, මිනීමරුවන් සහ හොරුන් කියලා... කරුණාකරලා අපිට අලුත් ඡන්දයක් දීලා ඔයගොල්ලන් ගහලා පන්නන්න ඉස්සරවෙලා ගෙදර යන්න.
අවුරුදු ගාණක් රට කාල ආයිත් කන්න වගේ හදන්නෙ
ඌරො ආණ්ඩු පිහිටුවන්න හදනකොට හම්බ කුකුලන්ට රජ මගුල්.
යහපාලනය කියා ඇවිදින් පොහොට්ටුව කියන විදියට නේද වැඩ කලේ ආණ්ඩුව ගෙදර යවන්න අරයත් එකතු කරගෙන . දැන් කන්නත් නැහැ . අද කියපු දේ නෙමේ හෙට කියන්නේ .
දේශපාලනයේදී සදාකාලික මිතුරෝත් නැත... සදාකාලික හතුරෝත් නැත යන කියමන ඇත්තක් වුවත්, මෑත ඉතිහාසය දෙස ආපසු හැරී බලලා තීන්දු තීරණ ගැනීම වඩාත් උචිත වේ.
ආණ්ඩුවක් පිහිටුවලා රටේ නායකයා වෙන්නේ මේ හාදයාද? 2014-2020 දක්වා රටට කරපු හරිය අපි දැක්කා...!
හැලියේ තියෙන පරණ කසිප්පු එක එක ජාතියේ අලුත් බෝතල්වලට දදා මිනිස්සුන්ට පොවන්න හදන්නේ..
මෙයාගේ මීළග ඒකායන දේශපාලන මෙහෙවර තමන්ගේ සදාදරණීය පුත්‍රරත්නය සහ දුහිතෘරත්නය හෝ බෑණනුවන් පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක හරහා නමෝ විත්තියෙන්, සුවඳ පැනින් දෝවනය කර දියවන්නා අශුද්ධ මන්දිරයේ වඩා හිඳුවීමයි. සාර්ථක වීමේ ප්‍රවණතාවය යැයි උපකල්පනයයි...
නන්දසේනව එල්ලෙව්ව වගෙ 225ම එලවන්ඩ ඔනේ
මෙතුමාගේ වාසනාවකට තමයි මේ රටේ ඉපදුනේ.වෙනත් රටක ඉපදුනා නම්,රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරානම්, මෙලහකටත් බොහෝ දේවල් වෙලා.ඒත්,මේ රටේ තාමත් එහෙම කිසි වෙනසක් සිදුවෙලා නැහැ.ඒ නිසා සැනසීමෙන් දේශපාලනයේ නිරත වෙන්නට පුළුවන්.කොහොම වුණත්, මේ අයගේ පාලනයක් නොඑන්නේ රටේ ජනතාවගේ වාසනාවට.