
(රෝෂන් තුෂාර සහ ඉන්දිකා රාමනායක)
"ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් "සක්විත්තෙක්"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර තුනක් සැඟව සිටි ගලින්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ජාලගත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.
සැකකරු උපාධිධාරියු, ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති සැකකරු දකුණු පළාතේ ප්‍රධාන ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කර ඇත.
එම කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවී මත පොලිස් අධිකාරි අනුරපේමරත්න,ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් වීරසේකර,උප පොලිස් පරීක්ෂක තිවංක සනත් ඉදිරිසිංහ සහ පොලිස් කොස්තාපල් ( 93012) ලහිරු,පොලිස් කොස්තාපල් ජයරත්න,රණසිංහ,බණ්ඩාර සහ මහෝදා නිලධාරිනීන් මෙම මෙහෙයුමට එක් වී ඇත.
මොහුගේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන් වෙතොත් ඒ එම පුද්ගලයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාලගත විමර්ශන ඒකකය දැනුම් දී සිටින අතර ඔවුන්ගේ රහස්‍යභාවය රැකීමට ද එම කොට්ඨාසය පියවර ගැනීමට සූදානම් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් වංචාකාරයො තමයි ප්ලාන්ටේශන් කාරයෝ. සමහර ප්ලාන්ටේශන්ස් තියනවා, ඔවුන් වැනිලා වගාවට අරගෙන තියන ආයෝජන දිහා බැලුවහම මැඩගස්කරයටත් වඩා ශ්‍රී ලංකාවේ වැනිල වගා කරල තියෙන්න ඕනේ. මේ වංචාවන් ඉක්මනින්ම හොයල බලන්න ඕනේ... තව විශාල මිනිසුන් ප්‍රමාණයක් මේ වංචාවට අහුවෙන්න කලින්...!
නොවටින ඉඩමක ඔප්පුවක් ඇපයට තියා, වගා කටයුතු සඳහා යැයි මුදල් ආයෝජන ලබා ගන්නා තක්කඩි සමාගම් ද රාශියක් ඇත.
ලංකාවේ මෙහෙම දේවල් නිතරම වෙනබව මිනිස්සු දන්නා නමුත්.. නිතරම වන්චා වලට අහුවෙන එක තමා පුදුමේ...!
අසරණ මිනිස්සුන්ව රවටන මේ වගේ හොරුන්ට නම් සමාවක් දෙන්නම හොඳ නෑ. මිනිස්සු කොච්චර අසරණ වෙනවාද මේ වැඩ නිසා. කෝටි 500 ක් විතර හොරකම් කරනකන් මේගැන හොයාබලීමක් කරලා නෑනේ...
රැවටී සුවහසක් බොරුකාරයින් හට... පාඩම් ලබා නැහැ යුග යුග ගණන් සිට... තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ. එන එන බොරු කාරයින්ට රැවටෙනවා. මේ අයගේ ක්‍රියාමාර්ග බොහෝදුරට සමානයි. පසුව එන තැන්පත්කරුවන්ගේ මුදල්වලින් මුල් අයගේ පොලිය ගෙවනවා. මාස කීපයක් යනවිට පොලිය ගෙවන්න ක්‍රමයක් නෑ... එවිට පැනලා යනවා.
තණ්හාය ජායතී සෝකෝ එයාට මුකුත් වෙන්නේ නෑ. ඔහු ටික කලකට පසු හිරෙන් නිදහස් වනු ඇත. සල්ලි තැන්පත් කරපු මිනිස්සු දුක් වින්දා. රජයේ පොලීසියට හෝ රටේ නීති පද්ධතියට දොස් පැවරීමෙන් ඵලක් නැත. තණ්හාව පුද්ගලයාටත්, සමාජයටත් දුක් උපදවයි. නොයෙක් කරදර, හිරිහැර පමුණුවයි. මෙම තණ්හාව නිසාම රැස් කරගත් ධනය ඇතැමුන් ආරක්ෂා කරනුයේ නිධානයක් රකින නාගයන් සේය. ඔවුහු වස්තුව තමාගේවත්, අනුන්ගේවත් යහපත සඳහා යොදා නොගනිති. කොපමණ ලැබුණත්තෘප්තියකට පත් නොවෙති.
හොර හැත්ත... මේ අය තමයි පැජරෝ, ප්‍රාඩෝ, වී8, ලෑන්ඩ් රෝවර් වගේ වාහනවල යන්නේ...
අනේ මේ වගේ තව අය ඉන්නවා.කවුරුත් උදව් කරන්නැහැ. සමහරක් ආදරෙ පාවිච්ච් කරලා සල්ලි කඩගන්නවා.ඊටපස්සෙ බ්ලොක් කරනවා.ජීවිතය තිත්තයි අවංක වෙලා අහු වුණාම