
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
වයස අවුරුදු හතළිහක් පමණ එම පුද්ගලයා යට ඇඳුමකින් සහ උඩුකය නිල් පාට ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
මළ සිරුර හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 3 වැනියා මේ මාසෙට... දැන් අලුත්ම සෙල්ලම ඉස්සර වගේ මරලා මුහුදට දාන එකද? හැබැයි දෙවියන් සත්‍යය පෙන්වනවා.
අරගලකරුවන් හොරකම් කරපුවා බෙදාගන්න මරාගන්නවා වත්ද?
88/89 පටන් ගත්තෙත් මේ වගේ තමයි.. වාර්තාව බැලුවම තේරුම් ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා..?.
මෙවැනි අපරාධ කරන්න එපා..! කාගේ වුණත් දරුවෝ, මනුෂ්‍යයෝ... බලය රැකගන්න මෙවැනි දෑ නොකළ යුතුයි...
88/89 සමය යළි සිහිකිරීමක්ද?
මේ සිරුරු එතන හිටිය අරගලකරුවන්ගේ නම් ඒවා නාඳුනන සිරුරු වෙන්න බැහැ. කවුරුහරි අඳුරගන්නවා. එහෙම නොවෙනවා කියන්නේ කාට හරි ඕනෑවෙලා තියෙනවා අනියත බියක් මිනිස්සු තුළ ඇතිකරලා මිනිස්සු කුලප්පු කරන්න. ඒකට ජීවිත බිලිගන්න සෙල්ලම කරන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසා තමයි මුල ඉඳලාම කිව්වේ අරගලය ඇතුලේ චරිත හදන්න එපා, පුම්බන්න එපා කියලා. නැත්නම් ඒ කාලෙදීම පාරට බහින මිනිස්සු බයකරලා ගෙවල් ඇතුළට කරලා කටවහලා තියන්න තිබුණා මේ වගේ දේවල් කරලා...!
අභිරහස් මරණ ගැන ක්‍රියාත්මක විය යුතුයි. මේක ජීවිත බිලිගැනීමක්... සුළු මුදලකට මනුෂ්‍යයින් ඝාතනය කිරීම රහසක් නොවේ..!
ආණ්ඩුව හිතනවා නම් මේවා කරලා ජනතාව බයකරන්න අන්න එතැනින් මේ දේශපාලකයෝ අනාගන්නේ..
'මළ සිරුරු කතා ගොඩක් කියති' කියල කියමනක් තියෙනවා මතක නේද ?
කාගෙ කවුද කියලා මළසිරුර හඳුනා ගත්තට පස්සෙ, මරණයට හේතුව, මරණය සිදුවෙලා ඇත්තෙ කොහොමද වගේ බොහෝ කාරණා හෙලිදරව් වෙන්න කලින්, බොහෝ දෙනා ඉත්සාහ ගන්නෙ මළසිරුරෙනුත් කුහක දේශපාලනය කරන්න.
දැන් බටලන්ද තියෙන්නෙ මුහුදෙද?
මේක අරගලය විනාශ කරන්න දේශපාලකයින් කරපු තවත් අනාරක්ෂිත වැඩක්...