IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තවත් ඝාතනයකට දෙකක් මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී යතුරුපැදියකින් පැමින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දීයේ මහ මොලකරු ඇතුලු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ කල්ලිය සහ විදේශගතව සිටින බත්තරමුල්ල බන්ටිගේ පාතාල කන්ඩායම් අතර ගැටුමේ ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව තලංගම පොලීසියේ නිලධාරින් අනාවරනය කරගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතන සැලසුම් කළ බව කියන අතුරුගිරියේ 34 තරුණයෙකි.

සැකකරු  මෙය සැලසුම් කර ඇත්තේ ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ උපදෙස් මත බව මූලික පරීක්ෂණවලින් හෙලි වූ බව ද පොලීසිය පවසයි .

මෙම සැකකරුට හා ගඩ්ඩාහට අතුරුගිරියේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනාවක්ද ඇති බවත් මැසෙන්ජර් හරහා ඩුබායි සිටින ගඩ්ඩා නැමැත්තා සමග තොරතුරු කතාබහ කර ඇති බවද අනාවරණය වී ඇත.

සැකකරු සමග ඝාතනය සදහා භාවිතා කළ යතුරු පැදියට යොදාගත් ව්‍යාජ අංකතහඩුව සකසන ලද අතුරුගිරියේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

තවත් ඝාතනයකට දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site