ඉතිහාසයේ සිදුවූ බරපතලම ඇණහිටීම සම්බන්ධයෙන් තම සමාගම කනගාටුව පළකරන බව ෆේස්බුක් සමාගම පවසුවේය.
ගෝලීය වශයෙන් භාවිතා කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස් බුක් මාධ්‍ය ඊයේ (13) තාවකාලිව බිඳ වැටුණි.
මීට පෙර 2008 වර්ෂයේදී මෙවැනි බිඳ වැටීමක් සිදු වී ඇති අතර එහිදී මිලියන 150ක් පමණ පරිශීලකයන් අපහසුතාවයට පත් වී ඇත.
අද වන විට බිලියන 2.3 ක පමණ පරිශීලකයින් පිරිසක් ෆේස්බුක් භාවිත කරන අතර ඒ අතරින් ඇමෙරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල පරිශීලකයින් විශාල ප්‍රමාණයක් මෙම බිඳවැටීමෙන් අපහසුතාවයට පත්වී ඇත.
ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය මෙන්ම වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා ද තාවකාලිකව බිඳ වැටී ඇති අතර අත්හිටුවීමේ හේතුව තවමත් අනාවරණය වී නොමැත.
(බීබීසී ඇසුරෙනි)
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වසංගතේ තාවකාලික ඇණහිටීම නෙවේ .... සදහටම ඇණහිටින වනම් මම නම් කැමති.. ඕක මහා වසංගතයක්.. දරු පර පුර නැති කරන්න ආව මගුලක් ඕක.. අපේ යුගයෙන් පස්සේ දරු පරම්පරාව මන් හිතන්නේ නැහැ පොත් කියවනවා බලනවා කියල.. කොළොඹ මහජන පුස්තකාලේ පරිහරණය කරන පිරිස 1996න් පස්සේ හොයල බලන්න කොච්චර අඩු වෙලාද කියල...ඔය මගුල නැති බංගස්තාන වෙලා යනවනම් මම කැමති..
සදහටම අනහිටියනන් හොදනෙ... අපේ මිනිස්සු අයෙත් කතාකරන්න ගනීවි !!
ඇත්ත සදහටම ඇනහීටි නම් අපේ රටට නම් යහපතක්ම වෙයි .මේනිසා පවුල් කඩා ඉහිරිම,අනියම් පෙම් සබදතා නිසා ජීවිත අහිමි වීම ,සමාජ දූෂණ කුඩු පාටි එකි නොකි හැම වියසනයක්ම මේ ෆේස් බුක් වසංගතය නිසා රට වේලාගෙන. එක්කෝ රජය මෙය අපේ රටේ තහනම් කලයුතුයි.
ෆේස් බුක් නිසි ආකාරයට ලොව බොහෝ දෙනා භාවිතා කලත්, එය අප රටේ සමහරුන් යොදා ගන්නේ වැරදි ආකාරයටයි. ලොව බොහෝ මිනිසුන් මෙයින් උපරිම ඵලදායි වැඩ කරනවා. ළමුන් ඉගෙන ගන්නවා. අප රටෙත් ෆේස් බුක් හරහා හොඳ දේ කරන, ඉගෙනගන්නා හා සාර්ථක ලෙස ව්‍යාපාර කරනා අය සිටීමම සතුටට කරුණක්. පිහිය මිනී මරන්නත්, එළවලු පලතුරු කපන්නත් යොදාගන්න පුළුවන්. කව්රුන් හෝ පිහියෙන් මිනී මැරුවොත්, පිහියට බැනීම හරි දෙයක්ද ? ගින්දර උයා පිහා ගන්නත්, වෙනත් ප්‍රයෝජනවත් දේත් සඳහා අපහට අත්‍යවශ්‍යම දෙයක්. සමහරුන් ගින්දර ගෙවල් ගිනි තැබීම වැනි විනාශකාරී දේට යොදවනවා. එයට ගින්දරට බැනලා හරියන්නේ නැහැ. මේ නවීන මාධ්‍යයත් එහෙමයි. වරද තියෙන්නේ අපේ සමහර අනුවණ අයගේ. රජයට හා සියලු බුද්ධිමතුනට අවශ්‍ය නම් මේ තුලින් රට ජාතිය ලොව ඉහල තලයකට ගෙන ආ හැකියි. ඒත් ඒ සඳහා ඔවුන්ට නිසි උවමනාවක් නැහැ.
ඕපදුප පතුරුවමින් සමාජයටම හෙනයක් වන ඔය සමාජ ජාලය සඳහටම ඇණහිටී නම් එය යහපතකි.
ෆේස්බුක් කියන්නේ කාලෙන් කාලෙට තාක්ෂණයත් එක්ක එක්වෙන දෙයක්. අපි පොඩි කලේ මිනිස්සු බැටරි දාන රේඩියෝ අතේ අරන් යනවා අහන්න. ඒ වගේ තමයි මේකත්. ඒක නිසා මේකට බනිනවට වඩා මිනිස්සු මේ විදිහට මේකේ වැරදියට හැසිරෙන්නේ ඇයි කියල හොයලා බැලුවොත් නරකද? මොකද ෆේස්බුක් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය කියන ඒවා නෙවෙයි.. මෙයාලගේ තාක්ෂණෙත් එක්ක අපිව කවුද කියන එක මෙයාලා හරියටම දන්නවා.. අපේ පුද්ගලිකත්වය සම්පුර්ණෙන්ම මෙයාලා භාවිත කරනවා.
කතාවක් තියෙනවා ඕනිම දෙයක් ඕනිවට වඩා කොහොමත්ම එපා කියල. ෆේස්බුක් එක අවශ්‍ය දේකට විතරක් පාවිච්චි කරන්නේ නැතුව පැය 24ම එකේ ඉන්න ගියොත් කරුමයක්ම තමයි. හැබැයි කවුරු කොහොම කිව්වත් මනුෂ්‍ය සංහතියේ යහ පැවැත්මට ෆේස්බුක් වලින් කරපු හානිය බොහොම වැඩියි.
පෙරුමාල් පෙන්නලා තියෙන්නේ ඔහුගේ නැණ පමණ...