(අංජුල මහික වීරරත්න)
1969 අංක 33 දරණ තුවක්කු ආඥා පනත සහ 1996 අංක 22 දරණ තුවක්කු සංශෝධන පනත මගින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනි අවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කරනු ලබයි.
මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගිනි අවි ප්‍රමාණය 34318 ක් වන අතර බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 45ක පමණ මුදලක් වාර්ෂිකව මහා භාණ්ඩාගාරය වෙත බැර කරනු ලැබේ.
කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 1816 අංක 33 දරණ තුවක්කු ආඥා පනත හා 1996 අංක 22 දරණ තුවක්කු පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති නමුත් එකී සංශෝධන සිදු කරනු ලබන තෙක් අදාල බලපත්‍ර ගාස්තු වත්මන් අවශ්‍යතා අනුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි රජය කියයි.
ඒ අනුව කටයුතු කිරීමට හැකිවන පරිදි තුවක්කු ආඥා පනතේ 24 වගන්තිය හා 34 වගන්තියේ (1) උප වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුවක්කු ආඥා පනත සංශෝධනයට