(අංජුල මහික වීරරත්න)
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළඳපොළෙහි බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අප්‍රේල් 30 දින දක්වා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට ඉකුත් දෙසැම්බර් 18 දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව මේ වන විට බිත්තර මිලියන 18ක් පමණ ඇනවුම් කර තිබෙන අතර උත්සව සමයේ අවශ්‍යතා සඳහා තවත් බිත්තර මිලියන 42 ක් පමණ ආනයනය කළ යුතුව ඇති බවට ගණනය කර තිබේ.
එම බිත්තර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කඳවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාල ප්‍රසම්පාදන ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ බිත්තර නිෂ්පාදනයත් ඉවරයි. අඩුවට බිත්තරත් නෑ. රනිලගෙ කටේ නරිවාදම නම් බලන්න ඕන.
තත්වය මෙසේ තිබෙද්දී ජනාධිපතිත්, මහ බැංකු අධිපතිත් පුන පුනා කියනවා... රටේ ආර්ථිකය දැන් දියුණු වෙමින් පවතිනවා කියලා සහ ඩොලර් සංචිතයත් ඉහළයි කියලා... රටේ ආර්ථිකය දියුණු වෙන්නේ රටේ දේශීය නිෂ්පාදනය වැඩි කරමින්, රටට විදේශ විනිමය එන්න ඕනේ. නමුත් මෙතැන රටට අවශ්‍ය බිත්තර රට තුළ නිෂ්පාදනය කරන්න බැරිව, කොහොමද කියන්නේ රටේ ආර්ථිකය දියුණුයි කියලා?
ආනයනය සීමාසහිතව කරන්න , මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය මුදල් වලින් බිත්තර නිෂ්පාදකයෝ වැඩි කරන්න.
එක බිත්තරයකින් ශත 50ක් හොර ඇමැතියාට...!!! ළඟදීම කාපු බිත්තර වමාරන්න ලැහැස්ති වෙලා ඉඳපන්න ඇමැතියෝ...