(නිමල කොඩිතුවක්කු)

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

තවත් රුපියල් 10 කින් ඩීසල් මිළ අඩුවුවහොත් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බවත් ඔහු පැවසීය.

විද්‍යුත් කාඩ්පත හදුන්වාදීම, බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් බස් ගාස්තු සංශෝධනයකට සූදානම් බවත් ඔහු තවදුරටත් කීවේය.