(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තලවතුගොඩ වැලිපාරේ අංක 492/1/1 හි පදිංචි දිලුක් රංග පෙරේරා නොහොත් " දිලූවා " නමැති (41) හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමෙන් බරපතළ තත්වයේ පසුවූ පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලීසිය කියයි .
තලවතුගොඩ වැලි පාරේ පිහිටි සිය නිවසේ කාමරේක රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු කාමරය තුලට පැමිණ මිලි මීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් හිසට වෙඩි ප්‍රහාර තුනක් තබා පලා ගොස් තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සමයං නමැත්තා ගේ සමීපතමයෙකුගේ සහෝදරයෙකු 2016 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයකි. ඊට අදාළ නඩුව මේ වන විටත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
තලවතුගොඩදී වෙඩි තබා පලාගිහින්
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බුද්ධික කුමාරසිරි)
තලවතුගොඩ වැලිපාරේ නිවසක රැඳී සිටි පුද්ගලයෙකුට ම්ට ස්වල්ප මොහොතකට පෙර කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් බරපතළ තත්වයේ පසුවූ පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි .
(20) දා රාත්‍රී 9.30 පමණ තුවාලකරු තලවතුගොඩ වැලි පාරේ පිහිටි සිය නිවසේ කාමරේක රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු කාමරය තුලට පැමිණ මිලි මීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර තුනක් තබා පලා ගොස් තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාලකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැලි පාරේ "දිනුක" නැමැත්තා බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd