
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
තලෙයිමන්නාරම, උෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට අද(16) උදෑසන අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිය කියයි.
ගැහැණු දරුවකු අතුරුදහන්වීමක් පිළිබඳ තලෙයිමන්නාරම පොලිසිය ට පෙරේදා ලැබුණ පැමිණිල්ලක් අනුව ප්‍රදේශවාසීන් හා එක්ව ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියගේ ් නිවස අාසන්නයේ පොල් වත්තක් තුල තිබී ඝාතනය කළ සිරුර හමුවූ බව පොලිසිය පැවසීය.
එලෙස ඝාතනය කොට අැත්තෙ තලෙයිමන්නාරම, උෟරුමලෙයි හි පදිංචි දස හැවිරිදි ගැහැණු දරුවෙකි..
සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි අවුරුදු 55 වයසැති පුද්ගලයෙකි. ඔහු ප්‍රදේශයේ ඉඩම් හිමි අයකුගේ වත්තක් මුරකිරීම සදහා පැමිණි අයකු බවට අනාවරණයවූ අනාවරණයවූ බවත් පැවසීය.
දැරිය දිවා කාලයේ අසළ වෙළෙදසැළකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී අතුරුදහන්ව අැති බවත් මිත්තණිය විසින් රාත්‍රිය වනතෙක් දැරිය සොයා අැති අතර අනතුරුව පොලිසියට පැමිණිලි කොට අැති බවත් පොලිසිය පැවසීය.
දැරිය ඝාතනය කළ අයුරු මෙතෙක් අනාවරණය නොවූ බවත් ගෙල සිරකර ඝාතනය කරන්නට අැති බවට සැකපලකරන බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.ඝාතකයාට නිසි දඩුවම් පමුණුවන්නැයි ඔවුහු කියති.
(ඡායාරූපය: රොමේෂ් මධුෂංක)

2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලෙයිමන්නාරමේ දැරියක් අපයෝජනය කර මරා දාලා ? ප්‍රදේශය නොසන්සුන්
උධුලී Saturday, 17 February 2024 12:31 PM
නිවන් දක්නාතුරු මෙවැනි කුරිරු මිනිසුන් ඔබට හමු නොවේවා..... " දියණියනි ඔබට නිවන්සුව පතමු."