IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තලෙයිමන්නාරම තොට- කොළඹ නව දුම්රියක්

 (මහින්ද නිශ්ශංක)

 තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි.

වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන , තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි වලින් ද මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

 

 

 



අදහස් (3)

තලෙයිමන්නාරම තොට- කොළඹ නව දුම්රියක්

මැක්ස් Monday, 18 September 2023 01:55 PM

ශ්‍රී ලංකා දුම්රිය සේවාව වසා පැතිර පවත්නා වුර්තීය සමිති මාෆියාවෙන් බේරී මෙම නව සේවාව දිගටම පවත්වාගෙන යාමට හැකිවේවා...!

:       0       27

සිසිර Monday, 18 September 2023 05:56 PM

කියන වෙලාවටම ආවොත් තමයි පුදුම. තව පැයක්වත් එකතු කරන්න වෙයි..!

:       1       6

නිමල් Wednesday, 20 September 2023 07:22 AM

යන එන අය ගැන සමීක්ෂණය කර දුම්රිය වේලාව සකස් කරන්න.උදේ ගිහින් සවස ආපසු එන විදියට යොදන්න.නැත්නම් අසාර්ථක වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site