
( රොමේෂ් මධුෂංඛ)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන්ගේ 36 වන ගුණ සැමරුම මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.
පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු නියෝජිතයින් සහ සිවිල් ක්‍රියාකාරී කමිටු සාමාජිකයින්ගේ සංවිධානත්වයෙන් දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට ප්‍රදේශවාසී ජනතාවද සහභාගී වූහ.
ගුණ සැමරුමට එක්වූ පිරිස් විසින් දිලීපන්ගේ රුව සහති බැනරයකට මල්මාල දමා පහන් දැල්වීම සිදුකළ අතර දිලීපන් ගුණ සැමරුමට එරෙහිව පවතින විරෝධතාවන් වෙනුවෙන් නැගී සිටිය යුතු බවටද මෙහිදී රැස්වූවෝ වැඩිදුරටත් පවසා සිටියහ.
1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි
එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.
මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් තිලීපන් ලෙසින්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලීපන් ගැන දුක් ගී ගායනාවලට සමාජ මාධ්‍ය හරහා මේ දිනවල වැඩියෙන්ම ඉදිරිපත් වී සිටින්නේ ලිබරල්වාදීන්, නිරාගමිකයන් වශයෙන් සළුපිලි හැඳ සිංහල බොදු සංස්කෘතික අංගවලට පහර එල්ල කරන ජෙපි හමුදාවයි. මිය ගිය ත්‍රස්තවාදියකු වන තිලීපන් කෙරේ ඇති දයානුකම්පාවකටත් වඩා එහි ඇත්තේ යුද හමුදාව කෙරේ ජනතාව තුළ අප්‍රසාදය ජනිත කිරීමයි. තිලීපන් යනු නිරායුධ අහිංසකයකු නොව අවි දැරූ ත්‍රස්තවාදියකු ය යන කාරණය මෙම ඊනියා මානව ප්රෙමින්ට තම කිඹුල් කඳුළුවලින් වසා දැමිය නොහැක.
සිංහල මිනිස්සුන්ට වගේම දෙමල මිනිස්සුන්ටත් වීරයො ඉන්නවා. ඒ මිනිස්සුත් ඒ මිනිස්සු වෙනුවෙන් මියගිය අය සිහිකරන්න ඕනෙ. ඒත් දේශපාලකයන්ගේ උගුල්, කෙටවිලි ගැන හැම ජාතියක්ම කල්පනාකාරී විය යුතුයි. ඉදිරියට ලුතිනන් කර්නල් තිලීපන්ලා බිහි නොවිය යුතුයි. රාසයියා පර්දීපන්ගේ ජීවත්වීමේ නිදහස තහවුරු කලයුතුයි.
අනේ වෙන දේවල් නැද්ද ගහගන්න
විජේ තිලිප්පන් කියන්නේ අපේ රට විනාශ කරපු ත්‍රස්ත නායකයෙක් ඇයි ඔය වගේ තිරිසන්නු සිහිකරන්නේ