
( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව නගරයේ තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි ඉල්ලා වව්නියාව පොලීසිය අධිකරණයෙන් ඉල්ලු තහනම් නියෝගය අද (20) වව්නියාව අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වූ තිලීපන්ගේ 36 වන ගුණ සැමරුම වෙනුවෙන් රථ පෙලපාලියක්ද වව්නියාව නගරයට පැමිණෙන බවටත් එහිදී තිලීපන් සැමරුම් හේතුවෙන් මහජන සාමයට බාධාවන බව පවසා වව්නියාව පොලීසිය වව්නියාව අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලූ අවස්ථාවේදී වව්නියාව අධිකරණය විසින් තහනම් නියෝගය නොපැනවීමට පියවර ගෙන ඇත.
එහිදී වව්නියාව අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ මිය ගිය අය සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් පවතින බවටත් මහජන සාමය කඩවන අයුරින් යමෙක් කටයුතු කරන්නේ නම් එම අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද මියගිය අය වෙනුවෙන් සැමරීම් සිදුකරන අයට බාධාවක් නොවීමටද කටයුතු කරන ලෙසටත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ තීන්දුවක් !!! මියගිය ඥාතීන් සමරන්න අපිට පුළුවන් නම් දෙමළ අයටත් ඒ අයිතියම දියයුතුයි. එහෙම නැතිනම් රටේ සියලු දෙනාටම නොදිය යුතුයි.
එහෙ අධිකරණයට යනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන බලනව වගේ වැඩක්. ත්‍රස්තවාදිියා කවුද සාමාන්‍ය ජනයා.කවුද කියලා අවබෝධ කන්නත් මිනිසුන් ට කයක්.විතරක්.තිබිලා මදි.
LTTE කාරයින් සැමරීමේ තහනම රටම අදාළ නැද්ද? 13 ක්‍රීයාත්මක උනොත් කොහොම හිටීද? සිංහල ප්‍රදේශ තුල LTTE සැමරුම් ආවොත් වටකරල බෙදමු.
නොදකින් මෙහෙම ගස් ගොබ්බයො. මැරුණ මිනිහෙක් සමරන්න ඕනේ කෙනෙකුට අයිතියක් තිබ්බට ත්‍රස්ථවාදින් එහෙම සමරන්න බැහැ.