(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට උත්සහ කළ බව කියන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථයකින් ගමන්ගත් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 21 හැවිරිදි තරුණයකු සිද්ධියට අදාළ නඩු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා ගමන් කරමින් සිටියදී සැකකරු ඔහුට දමා තිබූ අත් විලංගු වෙන් එම පොලිස් කණ්ඩායමේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයෙකුගෙ ගෙල සිරකර පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි
පොලිස් කොස්තාපල්වරයා ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි මහේෂ් ධනංජය නැමැත්තෙකි.ඔහු ඝාතනය සිදු කළ දිනයේදී යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජවනිකාවේ තිර රචනයට පොඩ්ඩක් තාත්වික බවක් දෙන්න හදලා තියන බව පෙනෙනවා
පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා සැකකරුවන්ගෙ අත් පිටුපසට තබා මාංචු දැමු වොත් නරකද?
කටේ කිරි සුවද යන්නට පවා බැරිවුණා ...යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට ආපු ගමන්ම මෙහෙම නම් තවත් කලක් හිටියනම් කොහොම එකෙක් වෙයිද බුද්ධ කාලයේ හිටියා කියපු අංගුලිමාල පරාද කරාවි
මොන හේතුවක් පෙන්නලා හරි කමක් නැහැ ඉවරයක් කරන්න. එසේ ඉවර කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල බොහෝමයි....!
මට මේ රටේ පොලිසිය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපරාධකරුවන්ට, සැකකරුවන්ට " මාංචු " දැමීම පිළිබඳව. ලෝකයේ හැම රටකම දරුණු ගණයේ අපරාධකරුවන්ට මාංචු දමන්නේ " දෑත් පිටුපසට " තබාය. එසේ කළොත් අපරාධකරුවාට සෙල්ලම් දමන්න " කොහෙත්ම " නොහැක. මේ රටේ පොලිස්පති නම් "රූකඩය "මේ ගැන නොදන්නවා වෙන්න බැහැ !!! මේ වෙඩිකා මියගිය අපරාධකරුට දත් පසුපසට තබා මාංචු දැම්මා නම්, ඔහු මේ මොහොතේත් ජීවතුන් අතර වගේම ඔහුගෙන් තවත් සැඟවුණු රහස් රැසක් දැනගැනීමට තිබුණා. මට හිතෙන විදිහට නම්.. පොලිසිය මේ සෙල්ලම කරන්නේ " පොලිසියේ රහස් " රැසක් මේ අපරාධකාරයින් දන්නා නිසා, ඒවා එළිවෙයි කියා බයට .. කලින්ම සූදානම් කරගත් " තිර නාටකයක්" රඟපෑමයි. සියලුම සැකකරුවන්ගේ, අපරාධකාරයින්ගේ දෑත් පිටුපසට තබා මාංචු දැමීමට අණ කරන්න පොලිස්පති බය ඇයි? එතකොට පොලිසියේ හොර මැරකම් දන්නා අපරාධකරුවන් බොරු චෝදනාවක් දමලා මරන්න බැරි නිසාද?