(ප්‍රියන්ත දසනායක)

මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වැලිපිටියේ පදිංචි අලුත්ගමගේ මින්දික නමැති 22 හැවිරිදි තරුණයෙකි.

 ඔහු එම අලෙවි හලේ මුදල් අයකැමිවරයා ලෙස සේවය කර ඇත. 

යතුරු පැදියකින් ආ දෙදෙනකු පිස්තෝල වර්ගයෙක් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි  පොලිසිය කියයි.