(සුජිත් හේවාජුලිගේ )
තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18 ක මුදලින් කෝටි 12ක් ( සියයට 67ක්ම ) වැය කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන්වේ.
මේ අතර තල් සංස්ථාව මෝටර් රථ ඇතුළු උපකරණ මිලදී ගැනීමට 2017 වර්ෂයේ දී රුපියල් හය කෝටි පනස් අට ලක්ෂයක මුදලක් වැය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේවා මිලදී ගෙන ඇත්තේ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන නොමැතිව බවද එම වාර්තාව සඳහන් කරයි.
එසේම එම සංස්ථාවේ 2015 හා 2016 වර්ෂ සඳහාවූ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බවද විගණන අංශ පෙන්වා දෙයි.
බඳවා ගැනීමේ හා උසසවීම් පටිපාටියේ විධිවිධාන වලට පටහැනිව මණ්ඩලය නිලධාරීන් 8 දෙනකුට රුපියල් හතළිස් හය ලක්ෂයකට වැඩි වටිනා වැටුප් වර්ධක ලබාදී තිබූ බව විගණන කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් එම නිලධාරීන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාර අරමුදලට හැට දෙලක්ෂයකට වැඩි අතිරේක දායකත්ව මුදලක් ලබාදී තිබු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තල් සංස්ථාව කළ පල්වැඩ විගණනයෙන් එළියට
කිරිපුතා Sunday, 25 December 2022 04:11 PM
එහෙම සංස්ථාවක් තියෙනව කියලා දන්නෙත් දැන්.