(සුජිත් හේවාජුලිගේ)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මාසික උපයෝගීතා ගාස්තු අය කරගෙන තිබුණේ ඉන්ධන පිරවුම්හල් 11කින් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.
සංස්ථාව සතු පිරවුම්හල් (CODO) සහ භාණ්ඩාගාරය සතු කාණ්ඩයේ පිරවුම් හල්වලින් (TODO) 2014 ජනවාරි 1 වැනිදා සිට මාසික උපයෝගීතා ගාස්තු අය කිරීමට තීරණය ගනු ලැබුවේ එවකට අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
පසුගිය විගණන වාර්තා කිහිපයකින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණද ඉන්ධන පිරවුම් හල්වලින් මෙම ගාස්තු අය කර ගැනීමට කිසිදු ඵලදායි පියවරක් ගෙන නොතිබූ බව පෙන්වා දෙන විගණන නිලධාරීහු 2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල මේ සම්බන්ධයෙන් කිසිඳු ගැලපීමක් කර නොතිබූ බවද සඳහන් කරති.
මේ අතර විදේශ විනිමය ණය පියවීම ප්‍රමාදවීම හේතුවෙන් සංස්ථාවට අමතර පොළී වියදම ලෙස රුපියල් කෝටි 70 ක පමණ මුදලක් 2020 වර්ෂයේදී දැරීමට සිදුවූ බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්
Dinesh Tuesday, 27 December 2022 08:28 AM
අවුලක් නැහැ, මිල වැඩි කරමු. පාඩුව මහජනතාව ගෙවයි.