
(එච් චන්දන)
රජය ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව හලාවත - මුන්නේෂ්වරම දේවාලයේදී වෘත්තීය සමිති නායකයන් පිරිසක් දේව පුජාවක් සහ පොල් ගැසීමක් සිදු කලේය.
මෙම දේව පූජාව සහ පොල් ගැසීම 20 වැනිදා දවහල් සිදු කළ අතර ,මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයට ගිය වෘත්තීය සමිති නායකයන් සහ ඛණිජ තෙල් සේවකයින් දේව කන්නලව්වකට මුලින්ම සහභාගි විය.අනතුරුව ඔවුන් මුන්නේශ්වරම සොහොන් කාලි දේවාලය වෙත ගොස් දේව කන්නලව්වක් සිදු කර පොල් ගැසීමක්ද සිදු කරන ලදි.
වෘත්තීය සමිති එකමුතුවේ අශෝක රංවල මහතා මෙහිදී අදහස් දැක්වූ ඛණිජ තෙල් මෙසේ පැවසීය."අපේ රටට සම්පතක් වෙලා තිබුණු ඛණිජ තෙල් සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා.අපි මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැණුවත් කරමින් කියා සිටියා කරන්න යන වැඩේ නොකළ යුතු බව.නමුත් වෘත්තීය සමිති නායකයින්,සේවකයින් කියන කිසිදු දෙයක් මායිම් නොකර තමන්ගේ වාසිය ගැන පමණක් හිතන එක්තරා කණ්ඩායමක් අද සුදානම් වන්නේ ඛණිජ තෙල් සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් සංස්ථාවේ රජයේ සේවක පිං පඩිකාර පිං ගොන්නු ටික රටට ණයක් නොවී හරියට වැඩකරලා ලාබ ලබලා පෙන්නන්න. නැත්තම් ඔය වැඩිමිලට තෙල් ගහන අපේ මහජනයාගේ සාපෙත්, කාළි අම්මගේ සාපෙත් ඔබලාගේ හිසටම වැදෙයි...
මේ මන්ද, මානසික, උගත්, මහත්වරු කල්ලිය ආයතනය විනාශ කරලා දැන් පොල් ගහනවා...!
තමන් ගසාකන එකට වැට බැඳෙයි කියලා බයේ ඔල්මාදෙ හැදිලා. ගල් යුගයේ වැඩ තමයි තාම කරන්නේ...!
පොල් ගහන්න ඕනේ මේ අයගේම ඔලුගෙඩි වලට..., හත්කඩකට පැලිලා යන්න.
පොල් ගැසිය යුත්තේ නිරිත දිග බලායි.
මම හිතන්නේ යම රජ්ජුරුවන්ට ආයාචනයක් කළා නම් හොඳයි.. එහෙට ආවාම සැහැල්ලු දඬුවමක් දෙන්නයි කියලා....
නැවත පිළියෙළ කර සකස් කළ යුතුයි.
ලෝක හොරු මේ අය ...!
නුඹලා සංස්ථාවට සතයක්වත් පාඩු නොකළානම් පොල් ගැහුවාට කමක් නැහැ. එහෙම නැතුව පොල් ගැහුවොත් දෙයියො කාගේ දෙස බලයිද කියන්න බැහැ... අපි පල්වෙන්න කැමැති නැහැ..!
වෘත්තීය සමිති තියෙන්නේ... වැඩකරන ජනතාවගේ ශක්තිය පෙන්වීමට මිස මනක්කල්පිත දෙවියන් පස්සේ යන්න නෙවෙයි... කියලාවත් මේ මන්ද බුද්ධිකයින් දන්නේ නැහැ...
රජය ඛණිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහ ගතකර පළමුවෙන්ම මේ කාලකන්නි රැළ එළියට දමන්න. වැටුපට අමතරව සත 5 ලැබෙන්න ඉඩ තියන්න එපා...!
ඔය මහත්වරුන්ට දැන් දෙයියන්ගේ සාපෙ වැදිලා තියෙන්නේ... ඔය ජොබ් ලැබුණු විදිහ පපුවට තට්ටු කරලා තමුන්ගෙන්ම අහගන්න. පන්දමට හෝ පගාවට ඇවිත් පුළුවන් තරම් හොරකමෙන්, බොරුවෙන් දවස ශේප් කරගන්නවා. ඡන්දෙ කාලෙට ආයතනේ වැඩකලේ එක එක්කෙනාට පන්දම් ඇල්ලුවා. දෙයියන් ඔයාලා දිහා බැලුවොත් කෝටි 2ක් දිහා නොබැලුවා වෙනවා. පතිව්‍යුහගත කරන්න එපා දෙයියනේ... ඔය ආයතන විකුණලා දාන්න. තවත් මහා භාණ්ඩාගාරෙන් යැපිලා අහිංසක මිනිස්සු හුරාගෙන කන්න මේ නිකමුන්ට ඉඩදෙන්න එපා.
දෙවියෝ ඉන්නේ ජනතාවත් එක්ක.. නිකන් ඉන්න සමිති කාරයින් එක්ක නෙවෙයි.
පුළුවන් කමක් තිබේ නම් හොඳ දෙයකට ඕන අම්මා කෙනෙක් උදව් නොකර ඉන්නේ නැහැ.
මෙවැනි මන්ද බුද්ධිකයින් ඉන්න ලෝකයේ වෙනත් රටක් දන්නා කෙනෙක් කියන්නකෝ.. මේ කෝවිලට ඇවිත් පොල් ගහන අඥානයින් අදහන ආගම දහම මොකක්ද කියලා හොයා බැලුවොත්, හොඳයි නේද? මුහුණු බැලුවාම පේනවා රාජකාරිය කරලා තියන හැටි... මේ ආයතනයත් අනිවාර්යයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුයි. රජය කරන සියලුම ව්‍යාපාර පාඩුයි. ව්‍යාපාරිකයින්ගෙන් හා ජනතාවගේ බදුමුදල් එක්රැස් කරන ආණ්ඩුවක් කිසිදිනෙක පාඩු ලබා බංකොළොත් වෙන්නේ නැහැ. ඒ අලාභය ජනතාව මත පැටවෙන්නෙත් නැහැ...
ගෝත්‍රිකයින්... තමයි.!
දැක්කාම පේනවා හොඳට මහන්සි වෙලා වැඩකරපු මහත්වරු ටිකක් කියලා. කොච්චර ආදරයක් ඇත්ද තමන්ගේ ආයතනයට මෙහෙම දෙවියන්ට දුක කියන්න. ඕටී සත පහක් වත් ගන්නේ නැතිව ඇති...
මේ ආයතනයත් අනිවාර්යයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුයි.
මොනවද මේ කරන ගෝත්‍රික විකාර? ඕවා බේරගන්න හදන්නේ ඔහොම කරලාද? දිවි හිමියෙන් සටන් කරපල්ලා...!
දූෂිතයන්ගේ පොල් බාරගන්නේ නැත.
ඔය ඔක්කොටම තෙල් බවුසර් තියෙනවා... අර නැවක් ගිනි ගන්න කොමිස් කතා කරපු පොහොට්ටු හෙංචයියන්...
පාලකයෝ සහ සේවකයෝ කොමිස් නොගහර සොරකම් නොකර මහන්සිවෙලා වැඩ කළා නම් මේ ආතන පාඩු ලබන්නේ නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. මේ ආයතන අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයට දෙන්න වෙනවා. තවදුරටත් ජනතාවට ඔය පව් වලට කරගහන්න බැහැ.
වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සු ඔහෙලාට විරුද්ධව ගහපු පොල්වල බලේ වැඩියි.
පොල් ගහන්න ඕනෑ... මේ අයගේ ඔළුවේ..
අපරාදෙ පොල්ගෙඩි ට්කයි, පොල්තෙල් ටිකයි මේවා නිකරුනෙ විනාශ කරන්නෙ නැතිව ආහාරයට ගන්න පුලුවන්. හඳුන් කූරු වල දුම් ස්වසන රෝග තියන අයර ඉතාම අහිතකරයි. ඉන්දියාවෙන් ආපු කසිකබ්ල් සිරිත් වලින් අයින් වෙන්නෙැනෙැති මෝඩයො.