IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තල් විකුණා කප් ගහලා

(සුජිත් හේවාජුලිගේ )

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල්  වයින් සහ  තල්  අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත  පතිරාජ මහතා පැවසීය.

තල් ආශ්‍රිත නිෂ්පාදන  අපනයනයෙන් මේ වසරේ ජුනි මාසය දක්වා   රුපියල් කෝටි කෝටි 7 ක්ද පසුගිය වසරේදී කෝටි පහක්ද මෙසේ උපයාගෙන ඇත.

තල් ආශ්‍රිත නිෂ්පාදන මෙරට අලෙවි කිරීමෙන් මේ වසරේදී රුපියල්  හයකෝටි පනස් ලක්ෂයක් පමණ උපයාගෙන ඇතැයි පැවසූ සභාපතිවරයා කලින් නිෂ්පාදන ආදායම පැවැතියේ කෝටි තුනක් වශයෙන් බවද ප්‍රකාශ කළේය.

තල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි වශයෙන්  අපනයනය කෙරෙන්නේ කැනඩාව නවසීලන්තය ඩූබායි එංගලන්තය වැනි රටවලටය.

තවත් රටවල් ගණනාවකට තල් ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දීමට සහ ප්‍රචලිත කිරීමට  සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා  ඒ  රටවල් සමඟ විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර ඇත.

මේ අතර ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් කෝටි හතරකට වැඩි වංචා පසුගිය කාලයේදී අනාවරණය කරගෙන ඒවාට සම්බන්ධ නිලධාරීන් දහයකට පමණ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්  ආයතනය ලාභ ලබන තත්වයට  ගැනීමට එය ප්‍රධාන වශයෙන් හේතු සාධකයක් වූ බවත්  තල්  සංවර්ධන මණ්ඩලය පවසයි.



අදහස් (4)

තල් විකුණා කප් ගහලා

Lalla Wednesday, 02 October 2024 09:37 PM

ඔය කියන කෝටි දොළහ උපයන්න කෝටි කීයක් වියදම ගියාද?

:       0       11

Lalindra Wednesday, 02 October 2024 10:48 PM

කප් ? අහවල් කප් ඔය සභාපතියා සති ගනන් රට සවාරි ගහලා විගනනයට අහුවෙලා ඉන්නෙ. මිනිහා ඔය ලාභ ලාබ කීවට ඇත්ත නම් ඔය විකුනුම් මිල. ඔය විකුනපු ඒවා ඔක්කොම පෞද්ගලික අංශෙන් මිලදීගෙන සුලු ලාභයක් තියාගෙන විකුනපුවා.

:       0       12

Lalla Thursday, 03 October 2024 09:15 AM

ගිය වියදම ගැනත් කියන්න. ඕක කොතරම් ලාභදායීද කියල නෑ නේද. සත්‍ය තිත්ත විය නොහැකිද?

:       0       12

saman Thursday, 03 October 2024 03:06 PM

ක්‍රිශාන්තයා ජරාව කාපුවා ගැන මුකුත් කියන්නෙ නැද්ද? අනික් සංස්ථා සභාපතිලා නම් ඉල්ලා අස් උනා.. මූ තාම මෙතැන මොකටද ඉන්නෙ බහිරවයා වගේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site