ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින්ද ද ඉහළ දමා තිබේ.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දමා ඇත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.
|
ඉන්ධන වර්ගය |
වත්මන් මිල |
සංශෝධිත මිල |
මිලෙහි වෙනස |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
132/= |
135/= |
3/= |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
159/= |
164/= |
5/= |
|
ඔටෝ ඩීසල් |
104/= |
104/= |
0 |
|
සුපිරි ඩීසල් |
134/= |
136/= |
2/= |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනතාවට මොනවා ඉහළ ගියත්, පහළ ගියත් දැන් ගාණක් නැහැ. මොකද රටේ වෙන ඒවායේ හැටියට හෙටක් ගැන හිතාගෙන එක හිතකින් රැයක් පහන් කරන්නේ කීයෙන් කීදෙනාද?
හොඳ තීරණයක්.. රටේ දැන් තියෙන තත්වය අනුව ජනතාව පටි තදකරගෙන රජයට සහයෝගය දෙන්න ඕනේ..
බුලත් මඩිස්සලේට හෙණ ගැහුවට පස්සේ හුණු කිල්ලෝටය ගැන කවර කතාද? හැබැයි එක දෙයක් ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. තරාතිරම නොබලා ඕනෑම කෙනෙකුට කල වරදට දඬුවම් ස්වභාව ධර්මයෙන් ලැබෙනවා...
දැන්නම් ඉතින් පිලේ හිටයත් එකයි, උලේ හිටියත් එකයි.
ගහෙන් වැටුණු මිනිහට ගොනාම අැන්නා එහෙනම්.. අැත්තටම ඕනෑ ගොනෙකුට අාණ්ඩු කළ හැකියිනේ.. අාරක්ෂාව 0% අාර්ථික කළමණාකරනය 0% සංහිඳියාව 0% දුෂණය 100% අල්ලස 100% කොමිස්100% පාතාල වර්ධනය 100% ත්‍රස්තවාදය වර්ධනය 100% ඉතිං ඔය ටික කරන්න ඕනෑ ගොනෙකුට පුලුවන්...
හුරේ... යහපාලන ආණ්ඩුවට ජයවේවා !!!
වර්ථමාන පාලකයෝ ඉවත් විය යුතු කාලය පැමිණ ඇත...