(යොහාන් භාසුර)
සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 361 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 417 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 341 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 359 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනොපෙක් මත්තෙගොඩින් වැඩ අරඹයි
සිනොපෙක් ආවාම අඩුවට දෙනවා කියලා නේත කීවේ අතිගරු උතුමන්...
රනිල් දක්ශය තව ටික දවසක් යනකොට තවත් ලස්සන එව වෙයි තාම නය වාරිකයක්වත් ගෙව්වෙ නැහැනෙ.... ඔහොමයමු.
ජයවේවා තවත් මේ අපතයින් ටිකට...!
ඡන්දයක්වත් නැහැනේ මේ ජනතාව සූරාකන අය පන්නලා දාන්න...!
පින්පති තුමාගේ ගෝලයෝ මාධ්‍ය සාකච්ඡා තියලා රට බේරාගත්තා වගේ කතා පවත්වලා තෙල්මිල රුපියල් 100කින් විතර අඩුකරනවා, ඊටපස්සේ මාස දෙකක් යනකොට ටික ටික සද්දේ නැතිව ඒ ගානම වැඩිකරනවා..
එහෙම නොකර කොහොමෙයි ඇස්වැසුම දෙන්න සල්ලි පනම් හොයන්නේ. ජනාධිපති කියන්නෙ මාසෙකට ලක්ෂයක් ඉක්මවා ආදායම් තිබේ නම් බදු ගෙවන්න කියලා... ඒත් පොහොට්ටුවේ හෙංචයියෝ මාසෙකට ලක්ෂ දෙකක් තුනක් ගත්තත් ඔවුන්ට ඇස්වැසුම දෙනවා සමහරක් අයගේ වතුපිටිවල හොඳ ගෙවල් තියෙනවා. ලියාපදිංචි නිවසේ කපරාරු නොකළ නිසා ඇස්වැසුමත් ලැබෙනවා. තේ රබර් ආදායම් බැංකුවේ දාන්නේ නැහැ ගෙදර පෙට්ටගමේ ගොඩකරලා තියෙනවා ගම් මට්ටමේ මේවා වෙනවා ඒ අතර සමහරක් වෙළෙන්ඳෝ අත්පිට ගණුදෙනු කරනවා බිල් නැහැ... බැංකුවේ තැන්පත් නැහැ. ඔක්කෝම තැන්පත් ගෙදර සේප්පුවල තමයි. පුළුවන් නම් රහසිගතව තෑගි දීමට ක්‍රමයක් මගින් තොරතුරු ගන්න බලන්න. පාඩුවක් වෙන්නේ නැහැ.
මෙ පාන්ඩු ආන්ඩුව ඉවරයක් වෙනදාට තම ජනතාවට අස්වැසිල්ලක් වෙන්නෙ
රටම විකෘතියක් වෙලා ජනතාවට ආදරේ කරන පාලකයෝ අද නැත. ජනවරමක් ඇති පාලකයෝ අද නැත. ජනතාවට රටත් එපාවෙලා. රට දාල කොහේ හරි යන්න පුළුවන් රටකට යන්න තමා ඔට්ටු වෙන්නේ...