
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තෙල් නැව් හතක් පමණ මෙරටට ඉදිරි සති කිහිපයේදි පැමිණීමට නියමිතව ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
හරින් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
මේවා කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේ කතා වුණු දේවල්. ඩීසල් හතළිස් දාහක තොගයක් ලබන 8-9 අතර එනවා. දැවි තෙල් නැවක් 10-11 අතර එනවා. තවත් ඩීසල් නැවක් දාහතර වෙනිදා එනවා.
13-15 අතර විටොල් එකෙන් පැට්‍රෝල් එකක් එනවා. පහළොස් වැනිදා බොර තෙල් නැවක් එනවා. එදිනම ඉන්දීය තෙල් සමාගමෙන් වෙනම ඩීසල් එකක් එනවා. විසි දෙවෙනිදාත් තොගයක් එනවා.
අද විපක්ෂය කලබල වෙලා තියෙන්නේ මේ වැඩේ කරාවි කියලයි. මොකද මේක කළොත් ඒ ගොල්ලන් ඉවර වෙනවා. අපි කොහොම හරි මේක කරනවා.
මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන. හැබැයි අද කෝප් එක තියෙනවා. 70 ට තියනවනම් එකසිය විස්සට ගන්නෙ මොන පිස්සාද. අරගලයට ව්‍යසනය ගෙනැවිත් වෛරය වපුරන්න හදනවා. එහෙම කරන අයට හරි යන්නේ නෑ මේක වට්ටලා කිසිම අයෙකුට කිසිම බම්බුවක් කරන්න බැහැ. මේ වෙලාවේ අපි කවුරුත් එකතු වෙන්න ඕන. නැත්නම් මේ රට ගොඩ දාන්න අමාරුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලාමනේ වලට දැම්මේ? අපි කවදාවත් මේ රට වලට දාන්න වැඩකරපු අය නෙවෙයි. නුඹලාම තමයි බයිලා කිය කියා බලේම රැඳෙන්න හදන්නේ..!
ඔව්, රැවුල් කට්ටියටයි, පුතාණෝටයි ඕනෑ තව මේක වට්ටලා හරි කමක් නෑ බලයට එන්න.
ආවෙ නැත්නම් අපි ඔබට දෙන්ඩ ඔන වේදනාකරි දඩුවම ඔබම කියන්ඩ ,කොන්දක් තියනවනුම්
හැම ඒකාම දැන් තෙල් ගේනව. අරාබියටත් තෙල් දෙන්න පුලුවන්. තෙල් පිරිල ඉතිරිලා.
ඉන්දන නැව ඒන්නෙ හීනෙන්ද හරීන්?
මොල හතාට නැව් හතයි. මෙ නැව් හතේ තෙල් පුච්චලා ඉවර වුනාම තව හතක් එනවද?
වයි පයිත් ඔයවගේම ආවනේ
මොල 7ක් තියෙනවයි කියපු කෙනෙකුත් ආවා... හැබැයි එක මොලයක්වත් තිබුණේ නැහැ.
කරුණාකරලා අර ලයිට් බිල ගෙවලා දාන්න. තෙල් ගන්න සල්ලි ඕනෑ.
නැව් හතක් නොවෙයි 70 ක් ආවත් ත්‍රීවීලර් කාරයො නිසා මදියි කියලයි කියන්න වෙන්නෙ .උදාහරණය අද එක පිරවුම් හලකට ඉන්ධන ගේනවා හැම තැනම තියෙන ත්‍රීවීලර් හා මෝටර් සයිකල් කල්ලි සෑදී එනවා දවස් දෙකක් යනවිට තමා නැවතත් ඉන්ධන ලැබෙන්නේ .එතකොට මුලින් ගත් ඉන්ධන අවසන් වෙලා ඉවරයි .ගන්න එකා හැමදාම ගන්නවා කොහේද එකෙක් ඉන්ධන ලීටර් 6400 ගබඩාකර තිබුනා කියලා අහන්න ලැබුනා පොරකෑමට බැරි එවුන්ට වයසක එවුන්ට දෙයියන්ගේම පිහිටයි .ඉන්ධන ගන්න එකාලා රටේම යමින් ගන්නවා .පාලකයන්ට ඇවැසි දේ ලැබෙනවා ඉතින් උන්ට මේ ප්‍රශ්න තේරුම් ගන්න බැහැ . පාලකයිනි හැමටම සාධාරණයක් කරපල්ලා
කළින් කිව්වේ එකක් එනවා, දෙකක් එනවා කියලා. දැන් එය ක්ෂණයකින් හතක් වෙලා. මේ බොරු කා උදෙසාද? නමුත් තෙල් කඳුළක් දකින්නට නැත. නැති තෙල්වල මිල වැඩිවී ඇත. බෝනස් වශයෙන් දැන් භූමිතෙල් මිලත් වැඩි කරන්නයි සූදානම...
හා හා... මේවට කොහෙන් හිනාවෙන්නද? හරීන්ගෙ තාත්තද කිවුවෙ?
අර 10 වැනිදාට ඒනව කිවුව නැව ඒනවද?
කරුණාකර එක වාහනයකට මාසයකට යම් සීමිත ප්‍රමාණයක් ලැබෙන ආකාරයට කූපන්පත් නිකුත් කරන්න. අපේ ගෙදර ළඟ ඉන්ධන හලට ඉස්සර මාසෙකට ඉන්ධන බවුසර 4ක් පමණ එනවා, දැන් 7-8 ඇවිල්ලත් මදි, ගෙවල්වල තිබෙන පරණ ත්‍රිරෝද රථ පරණ කාර් අරන් ඇවිත් පෝලිමේ තබාගෙන තෙල් ජාවාරම් කරන කල්ලි ඉන්නවා...
කවුද අනෙ විස්තර දුන්නෙ හරියටම දැන් තාත්තත් නැහෙනෙ හරි පනිවිඩ දෙන්න
හා.. හා.. පරිස්සමනේ හොඳේ..
දැන් මෙයාද තෙල් ඇමති?
ඇයි මේ නරින්ගෙ වැඩකට නැති දේවල් වලින් පත්තර පුරවන්නෙ
මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ නේද? හතක් නෙවෙයි, හත්සීයක් ලංකාව පහුකරගෙන ගියාට වැඩක් නැහැ. මෙහාට ගොඩබාන්න තෙල් නැව් කීයක් එනවද? කවදද එන්නේ කියන්නකෝ...?
කටින්ද? මොකෙන්ද මේ කතා කරන්නේ...? පොරක් වෙන්න හදනවා හැමදාම ලොකු ටෝක් දීලා...
බලශක්ති ඇමැති දන්නවාද?
ඒ කියන්නේ අපට තෙල් අරන් එන නැවද? නැතිනම් වෙන රටවල් වලට තෙල් අරන් යන ගමන් කෑම බීම ගන්න කොළඹ වරායේ නතර වෙන නැවද?
මූටත් මොළ 7 ක් තියෙනවා වගේ. හැබැයි තියෙන තැන වැරදියි.
බලශක්ති ඇමති කියන්න ඕනේ දෙයක්නේද මේ හාදය කියන්නේ.
හුළගට නැව ඉන්දියාව පැත්තට හැරිලා
තමුන් කියන දේවල් දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ. .දෙපිටකාට්ටුවා .
තෙල් නැව් ගාණත් කියනවා. මෙයාට මොන මොනවා කියයිද දන්නේ නැහැ..?
ගොඩබාන්න කලින් ඒවා නිසි පරිදි බෙදා හැරීමේ ක්‍රමයක් හා සැලැස්මක් හදන්න වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක් වෙලා. අද කාලෙ bike එකක් හෝ වාහනයක් තියෙන සෑම කෙනෙක් ගාවම තියෙනව Smartphone ekak....app එකක් භාවිතයෙන් පුලුවන් වාහනයේ ලියාපදිංචි අංකය වෙනුවෙන්ම තෙල් යම් ප්‍රමාණයකට ලබාදෙන්න යම්කිසි කාල සීමාවකට...ඒ වගේ දේවල් ඔබතුමාලට කරන්න කොන්දක් , හැකියාවක් තියෙයිද කියල බලමු.... නැත්නම් එකම විසදුම මේ කාලකන්නි කරපු අපේ රට අත් හැර යාම විතරයි..