(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම්දී ඇත.
ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතානායකවරයාට මෙසේ පැමිණිලි කර ඇති මන්ත්‍රීවරුන් අතර වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ඇතුළු ඈත දුර බැහැර ප්‍රදේශවල අය වෙති.
මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවූයේ නැත.
සමහර මන්ත්‍රීවරුන් සහභාගි වූයේ එක රැස්වීමකට හෝ දෙකකට පමණි.
අභිනව ජනාධිපතිවරයකු පත්කරගැනීම සඳහා තීරණාත්මක ඡන්ද විමසීමක් ලබන සතියේ පැවැත්වීමට නියමිත අතර මේ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය වැදගත් වෙයි.
මේ අනුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන ලෙස කතානායකවරයා නිලධාරීන්ට උපදෙස්දී ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225ම ගෙවල්වලට වෙලා හිටිය නම් රටට ලොකුම සේවයක්. මකබෑවෙලා යන්න...
නහයෙනුත් උඩට ගිහිල්ලා දඟලන පොදුජනයාට ඔලුවට උඩින් වතුර ගියාට කමක් නැත. සියලු තෙල් නැව් ආපහු හරවා යවන්න. සති දෙකකට පසු එන්න කියලා...
පාර්ලිමේන්තුවට යන්නේ නැත්තම් ගමට එන්නත් එපා...
ආවයි කියලා ඇති වැඩක් නැහැ. නිකම් කාලේ කනවා. ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ ඔය දූෂිත දේශපාලුවන්ගේ අමන වැඩ හින්දයි...