(සුජිත් හේවාජුලිගේ)
රටපුරා වෛද්‍යවරුන්,නීතිඥවරුන් , ඉංජිනේරුවරුන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් දහස් ගණනක්ද ඉන්ධන පෝලිම්වල පැය ගණන් කාලය ගත කරමින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි එම ක්ෂේත්‍රවල ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ඉන්ධන පෝලිම්වල ඒකරාශීවී සිටින වැඩි පිරිසක් වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයෝ වෙති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසූවේ තමාද බොරැල්ලේ ඉන්ධන පිරවුම් හලක පැය තුනකට වැඩි කාලයක් ගත කර තෙල් නිකුත් කෙරෙන පොම්පය අසලට එද්දී තෙල් අවසන්ව ඇතැයි පැවසීම නිසා එම ස්ථානයෙන් අද (15) දහවල් පිටව ගිය බවයි.
මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකවන තම බිරිඳද ඒ පෝලිමේම පිටුපස සිට ඉන්ධන අවසන්වීම හේතුවෙන් පිටව ගිය බව හෙතෙම සඳහන් කළේය.
වෛද්‍ය වෘත්තිකයන්වන තමන්ට ඉන්ධන ලබා ගැනීමේදී ලැබෙන ප්‍රමුඛත්වය ගැන සෑහීමට පත්විය නොහැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් රැසක් ඉන්ධන පෝලිම්වලට එක්වී සිටීම නිසා රෝහල් වැඩකටයුතුවලටද විශාල බාධාවක්වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරු කීපදෙනෙක් ලංකාදීපයට පැවසූහ.
ඉන්ධන හිඟය උග්‍රවීම නිසා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් පෙර නොවූ විරූ ආකාරයට දිගුවී තිබෙනු අද දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක රටේ හැමෝටම අදාල වෙන ප්‍රශ්නයක්, අනිත් මිනිස්සු වගේම දොස්තරලත් ඉතින් තෙල් නැත්තම් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න ඕනෙ. එහෙම නැත්තම් ඒගොල්ලො තෙල් අරගන එයලට ඕනෙ ඕනෙ විදියට රට පුරා ට්‍රිප් යයි. මේක හැමෝටම අදාල ප්‍රශ්නයක් නිසා ඒගොල්ලොත් අනිත් මිනිස්සු විදියටම තෙල් ගන්න ඕනෙ, නැත්තම් ඔවුට දිනට තෙල් ලීටර් 5ක් වගේ ගානක් දෙන්නෙ ඕනෙ. එහෙම නැතිව කරන්න බෑ ඉතින්.
ඩොලරයේ මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය කරන්න. එවිට ඩොලර් ලැබේවි... අවශ්‍ය තෙල් ආනයනය කරන්න අවස්ථාව ලැබේවි. එහෙම නැතුව පිටරටවල් වලින් ණයට අරගෙන වැඩි ගානට තෙල් අරගෙන ගත්ත ණයට පොලිය ගෙවලා මේක විසඳන්න බෑ. ශ්‍රී ලංකාවට ලැබෙන ආදායම් මාර්ග ඇතිකර ගැනීමට උත්සුක වන්න. විශේෂයෙන්ම විදේශ ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලබාගන්න උත්සාහ කරන්න.
හැම කෙනෙක්ම සිතන්නේ තමන් අන් අයට වඩා වැදගත් බවයි. අද රටේ ඇති බොහෝ ප්‍රශ්න වලට මුල මෙයයි. වර්තමාන ඉන්ධන හිඟයට හොඳම පිළියම නම්, සලාක ක්‍රමයකට සැම කෙනෙකුටම සාධරණ ලෙස ඉන්ධන බෙදා හැරීමයි.
තියන පෙට්‍රල් හදිසි රාජකාරි වලට තියෙගෙන සාමාන්‍ය රාජකාරිවලට බස් එකේ යන්න
එතකොට රෑ 12ට ඉමර්ජන්සි ආවොත් ඔයාද ඉස්පිරිතාලෙට ගිහින් දාන්නේ?
ඉතින් ඔන් ලයින් සූම් තාක්‍ෂණයෙන් ලෙඩ්ඩු බලන්න කියන්නකෝ...! එතකොට වැඩේ ඉවරයිනේ...!
ඕව හිතන්න තිබුණෙ මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න එපා කියල බෙරිහන් දෙන්න කළින්. ආගමික නායකයො, දොස්තරල, රතු නිල් වෘත්තීය සමිති මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න දුන්නෙ නෑ. පෞද්ගලික අංශය නැති කරන්න ඕන කියල මෝඩ මතය රටේ පතුරවල පාරවල් වහල ආණ්ඩු අස්ථාවර කරපු නිසා තමයි අපිට අද මෙහෙම වෙලා තියෙන්නෙ. ලංකාව කියන්නෙ ලෝකෙ කොහේවත් නැති අමුතු ශ්‍රේෂ්ඨ ජීවීන් පිරිසක් ඉන්න රටක් කියල හිතාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නව. ඔවුන් හිතනව ලෝකය අපට දණ නමස්කාර කරන්න ඕන කියල. ගිවිසුමක් ගහන්න ගියොත් ආයෝජකයෙක් එන්න හැදුවොත් රට ගිලගන්න එන අධිරාජ්‍යවාදී බලවේග කියල කෑගහල වැඩේ නවත්තනව. මේ උද්ධචඡ මෝඩ මානසික ලෙඩ නිසා අද හැමෝම විඳවනව. හෙට අනිද්ද IMF එක ආවත් වැඩක් නෑ. මෝඩයො ඉන්නකන් ඒ ප්‍රතිසංස්කරණ කරන්න වෙන්නෙ නෑ.
යුරෝපයේ දොස්තරල, මන්ත්‍රීල, ඇමතිල, අගමැතිල මෙච්චර දියුනු රටවල බයිසිකලෙ කිලෝ මිටර් 30, 40 යනවනම් ඇයි අපෙ රටෙ අයට මෙ වෙලවෙවත් බැරි? ඔලන්දෙ විනඩි 2 න් දෙකට කොච්චි ආවත් ය් බසිකලෙ දැන් ලංකාවෙ පාරෙ වාහන නැති නිසා පහසුයිනෙ.
ලංකාවේ ඉන්නේ දොස්තරලා විතරද?
පාසල් කටයුතු අඩපණවේගන යනවා. බසුත් නැහැ. තෙලුත් නැහැ. ළමයින්ට එන්නත් බැහැ. ගුරුවරුන්ට එන්නත් බැහැ...
දේශපාලුවන්ට සහ හිතවත් අයට ප්‍රශ්නයක් නැතුවා. සමහර තැන්වල ගතමනාවක් දුන්නාම වැඩිපුර තෙල් ගහගන්න පුළුවන්. සමහර ෂෙඩ්කාරයින් හිතවතුන්ට රෑ ජාමෙටත් තෙල් ගහනවා කියන්නේ...?
තත්වේ හැටියට රෝහල් නිල රථ වාහන ඇරෙන්න අනිත් වාහනවලට ප්‍රමුඛතාවය දෙන්න බෑ. කරන්න ඕන දේ තමා ලංගමය යොදවලා ෂිෆ්ට් එකට රෝහල්වලට බස් සේවාවක් දෙන එක...
මෙ ව් හිතන මිනිස්සු ඉන්න රටක් කවද හැදෙයිද වෛද්‍යවරයෙක් පොලිමෙ ඉන්නකොට හානිය රෝගීන්ටමයි. හැමෝම එකයි කියල හිතුව්ත් රටම විනාසයි එ මිනිස්සුන්ට ප්‍රමුක තාව දෙන්න හැමෝම සලකයක් දෙන්න මෙ පොලිම්වල බහුතරයක් ඉන්නෙ නිකම ඉන්න මිනිස්සු නැත්තම් දින ගනන් පොලිම් වල ඉන්නෙ කොහොමද රට වල පල්ලටම නොයව අවශ්‍යතා හඳුනාගෙන කූපන් එකක් ඉක්මනින්ම දෙන්න.
අපි ලොකුයි... වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවරුන් ලොකුයි.. කියලනේ මේ කියන්නේ ... රටේ හැම වෘත්තියකටම ගරුකරන්න පුරුදු වෙන්න ඕනේ. ප්‍රශ්නේ එක කණ්ඩායමකට විසඳලා තව කණ්ඩායමක් පෝලිම්වල තියලා කොහොමද ප්‍රශ්නේ විසඳන්නේ. කෝටා ක්‍රමයක් වගේ ගෙනල්ලා හැමෝම මේ ප්‍රශ්නෙන් විසඳන ක්‍රමයක් හරි ගෙන්න ඕනේ ඉස්සෙල්ලා. මේ ප්‍රශ්නෙන් විසඳන කල් එහෙම නැතිව මෝඩ පාලකයින් මේ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවරුන් බේරෙ වැවේ නාවන දවස වැඩි ඈතක නෑ..
ප්‍රයිවට් ප්‍රැක්ටිස්වලට... රජයේ සේවයටද?
මොකෝ දොස්තරලා දෙවියෝ ද? නෑ... ඒ ගොල්ලොත් මනුෂ්‍යයින් තමයි! හැබැයි, මේකයි වැඩේ. විශේෂඥ වෛද්‍යවරයෙක් වීමට, මූලික උපාධිය, සීමාවාසික, පශ්චාත් සීමාවාසික, පශ්චාත් උපාධි, සහ විශේෂඥ මණ්ඩල සහතිකය ලබාගැනීමට අවම අවුරුදු 13-15 යනවා. ඉතින් ඒ අයට පෙට්‍රල් හරියට දෙන්නේ නැත්නම්, ඕගොල්ලන්ගේ, ළමයාට උණ හැදුණොත්, නෝනාට, මහත්තයාට පපුව රිදුණොත්, අම්මාට, තාත්තාට ඇස් දුර්වල නම්, අලුත් විශේෂඥ වෛද්‍යවරයෙක් පුහුණු කරන්න, අවුරුදු 15 ඉන්න කියන්න...!!!
වෛද්‍යවරු කියල නෑ හැමෝ එක වගේ වෙන්න ඔනි. තෙල් නැත්තම් පොදු ප්‍රවාහනය භාවිත කරන්න ඔනි.. කිසිම කෙනෙකුට ප්‍රමුඛත්ව දෙන්ඩ එපා. මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ අතීතයේ සිටම එක එක්කෙනට ප්‍රමුඛත්වය දෙන්න ගිහින්. සියලුම වෘතිකයන් එක හා සමානව රටට වදගත් වෙන අය.
පොදු ප්‍රවාහනය බාවිත කරන්න මේ දවස්වල.