IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තල් ගසටත් පොලිස් රැකවල්

(සුජිත් හේවාජුලිගේ)

තල් ගස් කපා දමන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව  නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම නියෝගය කර ඇත්තේ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මේ අනුව තල් ගස් කපන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දැඩි අවධානයෙන් සිට ඉදිරියේදී  අත්අඩංගුවට ගැනීම්  අඛණ්ඩවම කරනු  ඇතැයි ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා ලංකාදීපයට පැවැසීය.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දිනවල උතුරේ සංචාරයක නිරතවිය. තල් ගස් විශාල වශයෙන් කපා දැමීම සිදුවන බව එහිදී  නිරීක්ෂණය වීමෙන් පසු ඔහු මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් දැනුවත් කළේය.

මේ සම්බන්ධයෙන් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්ද  පසුගියදා පැවැත්විණ. එම සාකච්ඡාවට  යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් සහ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත්  විශාන්ත  යන මහත්වරුන් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (0)

තල් ගසටත් පොලිස් රැකවල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site