
(සුජිත් හේවාජුලිගේ)
තල් ගස් කපා දමන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම නියෝගය කර ඇත්තේ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
මේ අනුව තල් ගස් කපන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දැඩි අවධානයෙන් සිට ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩවම කරනු ඇතැයි ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා ලංකාදීපයට පැවැසීය.
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දිනවල උතුරේ සංචාරයක නිරතවිය. තල් ගස් විශාල වශයෙන් කපා දැමීම සිදුවන බව එහිදී නිරීක්ෂණය වීමෙන් පසු ඔහු මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් දැනුවත් කළේය.
මේ සම්බන්ධයෙන් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්විණ. එම සාකච්ඡාවට යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd