
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
කිලිනොච්චිය,විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසළ ඇති වු නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව අහසට වෙඩි තබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් හා යුද හමුදා සාමාජිකයන් පිරිසක් අතර එලෙස නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබිණ.
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු යුද හමුදා රාජකාරියට බාධා කරමින් හැසිරුණ සිදුවීමක් මුල් කර ගනිමින් නොසන්සුන්තාවය හටගෙන ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ,ඉන්ධන පිරවුම්හළ අසළ සිටි පිරිස් යුද හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් යුද හමුදා නිළධාරීන්ට බෝතල්වලින් පහරදී ඇති අතර, එහිදි නොසන්සුන්තාවය හටගෙන තිබිණ.
සිවිල් වැසියන් විසින් යුද හමුදා සාමාජිකයන් පැමිණි වාහනයකටද පහරදී අලාභහානි සිදුකොට ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය කීය.
තත්වය පාලනය කිරීමට අමතර යුද හමුදා සාමාජිකයන් පිරිසක් කැදවා ඇති අතර, නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදා නිළධාරීන් අහසට වෙඩි තැබීමක්ද සිදුකොට ඇති බවද පොලිසිය පැවසූහ.
සිද්ධියෙන් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබු යුධ හමුදා සාමාජිකයන් කිලිනොච්චිය රෝහලටද,සිවිල් සාමාජිකයින් පොලිස් ආරක්ෂාව යටතේ මාන්චෝලෙයි රෝහලටද යොමුකොට ඇති බවද පොලිසිය පවසයි..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාර්ථක නායකයෙකු ලෙස යන්න බැහැ කිව්වනේ.. ඔන්න නොකිව්වයි කියන්න එපා යන්න වෙන්නේ අති අසාර්ථක නායකයෙකු හැටියටයි. නායකයා විතරක් නෙමෙයි, පොලිසියත්, හමුදාවත් බලු කරලා තමයි කවදා හරි දවසක යන්නේ. ඒ දේ නම් පැහැදිලියි...
ආපහු පාරක් ජාති ආලය පටන් ගන්න හදනවා වත්ද?
පොලිසියේ ගෞරවය නැතිකරගෙන තිබෙන්නේ හමුදාව තම ගෞරවය නැතිකර ගන්න එපා. යුද සෙබලෙක් හැටියට ක්‍රියා කරන්න...
ආණ්ඩුව අඩුම තරමින් තෙල්, ගෑස් හිඟයකින් තොරව සපයනවා නම් සහ බඩුමිල ඉහළ යාම වළක්වනවා නම් මේ ගහමරා ගැනීම් කිසිවක් ඇතිවෙන්නේ නෑ. ඒකවත් කරන්න බැරි නම් ඉල්ලා අස්වී කළහැකි කෙනෙකුට රට බාර දෙන්න. එතකොට රටම සාමකාමියි....