(සුමිත් පොතුපිටිය)
මතුගම අයිඕසී පිරවුම්හලේ ඉන්ධන බෙදාදීමේදී ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් පුද්ගලයකු ගේ පහරකෑමට ලක්වූ අපරාධ අංශ ස්ථානාධිපති තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මතුගම පොලිසිය පවසයි .
පහරකෑමට ලක්වූ පොලිස් නිළධාරියා හිසට සිදුවූ තුවාල හේතුවෙන් මතුගම රෝහලට ඇතුලත් කර ඇති අතර, පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ලීයකින් පහරදෙන්නට ඇති බවට සැකපලකරන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය .
ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යුද හමුදා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළුන් යොදා පාලනය කොට ඉන්ධන බෙදාහැරීම සිදුකර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටක විනය හොඳටම පිරිහිලා
පොලිසිය බලු කළා රාජපක්ෂලා...ඒ නිසා තමා පොලිස්කාරයොත් මහජනතාවට ලොකුකම් පෙන්වන්නේ.මහජනතාවත් රිටන් එක දෙන්නේ.හොද වැඩේ.