
(ඉන්දිකා රාමනායක)
රජයේ ආයතන පරිශ්‍රවල සහ ඉඩම්වල ගෙවතුවගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වූ හරිත ලංකා ජාතික ගෙවතුවගා සංග්‍රාමයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ගෙවතු වගාව පරිශ්‍රයේ දී අද (29) ආරම්භ කෙරිණි.
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව හමුදාව පවසයි.
"තිරසර ලෙස ස්ථාපනය කිරීම - අපේ ගෙවත්තෙන් පටන් ගනිමු” මැයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩටසහන දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ද ක්‍රියාත්මක කරන බව ද හමුදාව පවසයි.
ප්‍රධාන වැඩසටහනට සමගාමීව දියතලාව, පනාගොඩ, කන්දකාඩු, කිලිනොච්චි, අක්කරායකුලම්, මුලතිව්, කරන්දෙණිය, වෙල්ලන්කුලම්, ආඩියාපුලියන්කුලම්, තඹුත්තේගම, මහව, මැණික්ෆාර්ම්, නිරාවිය, කන්කසන්තුරේ යුද්ධ හමුදා ගොවිපළ ආශ්‍රිතවද මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව හමුදාව පවසයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව යුද්ධ හමුදාවේ සියලුම කඳවුරු සහ පරිශ්‍රයන් ආශ්‍රිතව තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේද මේවන විට කෘෂිවගා ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
එසේම වත්මන් රජයේ ප්‍රතිපත්තියට සමඟාමීව කාබනික කෘෂිකර්මාන්තය මෙරට ප්‍රචලිත කිරීමේ වැඩසටහනට යුද්ධ හමුදාව සිය උපරිම දායකත්වය දෙමින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක්ද දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ. අර පනාගොඩ කෑම්ප් එකේ ගොවිපලෙ මොණරු ටික ප්‍රවෙසම් කරගන්න මේවාට කලින්. උන් පැනලා ගිහින් පවු අහිංසක සත්තු. මිනිස්සු මස් වලටත් මරයි.
දහස් ගණනින් ඉන්න හමුදා සාමාජිකයින්ව එහෙම යොදන එක හොඳයි. ඒත් මේක සාමාන්‍ය ජනතාවට කළ හැකිද? කාබනික පොහොර ප්‍රමිතියට නෑ. දැම්මාට ඵලක් නෑ. සල්ලි කොල්ලකන වැඩක්. සොරකමක්... හොයලා බලන්න. හැමෝටම පොහොර හදන්න බෑ.
ඔය උත්සව වලට කරන වියදමින් නිවසකට නොව නගරයකට නිකන් කන්න දෙන්න තිබුණා නේද...?
මේ වගේ සංදර්ශන කීයක් නම් දැකලා ඇතිද? තාමත් හිතන් ඉන්නේ මිනිස්සු හරක් කියලා...