(යොහාන් භාසුර)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ජනතා විරෝධය මර්දනය කිරීම සැප්තැම්බර් මස පැවැත්වෙන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමු`ඵවේදී ප්‍රධාන කරුණක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් බේරෙ වැවට තල්ලු කරපු අය කවුද කියලා සෙව්ව ද මැයි 9 ගහපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම බරපතල තත්වයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අද (23) පැවසීය.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සංවිධානයෙන් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ස්ටාලින් මහතා එසේ පැවසීය.
වර්තමාන ජනතා නැගිටීම පාලන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි කරන බවත් ඒ තුළින් වික්‍රමසිංහ මහතාගේ දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය වන බවත් එම මාධ්‍ය හමුවේදී සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, සමාජවාදී තරුණ සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනව නෙවෙයි, අපායට යමං, ළමයින්ගෙ අධ්‍යාපනය විනාඝ කලාට.
ජිනීවා නැතුව ජයරත්න යන්න.
පෙරටුගාමීන් හා එහි බලල් අතක් වන අන්තරය, රටේ බහුතර මතය නිරූපනය නොකරයි.
මුජිබර් රහුමාන්! ඔයාම කියන්නකො පාස්කු ප්‍රහාරය ගැනත් පොළව ඉඹලම දිවුරල එහෙම නම්..!
නුඹලාට මැරුණාම යන්න තැනක් නෑ. රට කනවා.
ජොන්ස්ටන්ගේ සිට වසන්තා හඳපාන්ගොඩ දක්වාම අත්අඩංගුවට ගත්තා. උන්ටත් අනෙක් අයට වගේම ඇප හම්බ වුණා. ලංකාවෙ නඩු ඇහෙන්න කල් යනවා. කොච්චර කල් ගියත් වැරදිවලට දඬුවම් ලැබෙන්නේ 5%කට පමණයි.
කොටින් ගෙන් පහුගිය කාලෙ කීයක් ලැබුනද. කොටින් කියන්නේ ත් ත්‍රස්ත පනත අහෝසි කරන්න . මෙයාල කියන්නේ ත් ඒකමයි . පහුගිය යුද්ධය කාලෙ මේ පනත ප්‍රයෝජනවත් වුනා දැක්කා නේද. දැනට ත් ඒක අවශ්‍ය යි. ඇමරිකාව කාගෙන් අහලද ඩ්‍රෝන ප්‍රහාර රටවල් වලට එල්ල කරන්නේ . ඒවට විරුද්ධ කවුරුත් නැහැ .
මේ වගේ කාළකණ්ණි මිනිස්සු රටක ඉන්න කොට රටක් දියුණු වෙයිද? මිනිසුන්ගේ ජීවිත හරිම කෙටියි. මේ කෙටි කාලය තුළ මුන්ට මනුස්සයන් විදියට ජීවත් වෙන්නට බැරි හැටි. මේ මිනහ ලමයින්ගේ ජීවිත කාලකණ්ණි කරනවා.
පාලකයෝ හොරකන් කරපු එක ඇත්ත කියල හිතන්න පුළුවන් , ඒක පෙනෙනවා , එතකොට ගුරුවරු ළමයින්ට ඉස්කෝල වෙලාවේදී උගන්නන්නේ නැතුව අමතර පන්ති දමා දෙමව්පියන්ගේ සල්ලි සුරා කන එකත් ජිනීවා සමුළුවට දන්නන්න . ඒක ත්‍රස්තවාදී පනතට වඩා මානව හිමිකන් කඩන දුෂණයක් . මුළු රටවැසියාගේ දරුවන්ට කරන අසාදාරනයක් . හැමදෙනාම කැප වෙලා තමන්ගේ රාජකාරිය සහ වගකීම කරනවානම් පාලකයන්ට බොරු කරන්න බැහැ.
මේ ගොල්ලන්ගේ පරමාර්ථය මොකක්ද? තවත් මේ රට විනාශ කරන්න එපා.
අධ්‍යාපනයේ ත්‍රස්තයා... තියන්න හොඳ නෑ.
රටට මෙච්චර වෙලත් ලංකාවේ ඉන්න බයියන් බනින්නේ විපක්ෂයටත්, අරගලය කරපු අයටත්... අවස්ථා වාදීන්නේ...
මේවාට ප්‍රතිචාර දක්වන අය තාමත් ඉන්නවා. මේ ලංකාව ගොඩගන්නවා බොරු. ඌරු කොටුවේ ඉන්න ඌරන් වගේම යන්නේ මඩටමයි. හොරකන් කරන අයටමයි කත් අදින්නේ. අපොයි අපේ ළමයිවත් මේ රටේ මේ ගොන් හරක් එක්ක තියන්නේ නෑ.
ත්‍රස්තපනතට මුවාවෙලා මේ ගොයියාව අවුරුදු 5කට රැඳවුම් නියෝගමත කූඹි කැලේ තියන්න පුළුවන් නම්, ඒක හොඳයි...