IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත විස කවා රස තැවරු කේක් ගෙඩියක්‘

(මුදිතා දයානන්ද)


ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත යනු විස කවා රස තවරා දෙනු ලබන කේක් ගෙඩියක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (25)  පැලවත්තේදී පැවසීය.


ඔහු මේ බව පැවසූයේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් මෙසේද පැවසීය. 


ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත 1979දී ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති ගෙන ආවෙත් එකල ත‍්‍රස්තවාදයක් තිබූ නිසා නොව වෘත්තිය අරගල හා ශිෂ්‍ය අරගල මර්දනයට යොදා ගන්නයි. යුද්ධයෙන් පසුව මෙය අහෝසි කළ යුතුයි කියලා අපි දිගින් දිගටම ඉල්ලා සිටියා. ඒ වගේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයත් මෙය අහෝසි කරන ලෙස දන්වා තිබුණා. 


            දැන් පැරණි පනත අහෝසි කරලා, අලූත් පනතක් ගෙනත්. ඒ අලූත් පනත මගින් ත‍්‍රස්තවාදී ක‍්‍රියා අර්ථ ගන්වා ඇති ආකාරය අනුව වෘත්තීය අරගලත් ත‍්‍රස්තවාදි ක‍්‍රියා ලෙස ගත හැකියි. කිසියම් තැන ඒක රාශිවීම, රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යාම මෙතෙක් තහනම් කරනවා කළ හැකිව තිබුණේ අධිකරණයට පමණයි. මේ පනතෙන් ඒ බලය ප‍්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට පවරලා. කිසියම් සංවිධානයක් පවත්වන රැස්වීම් හෝ වෙනත් කාර්යයක් ත‍්‍රස්තවාදි කටයුත්තක් සේ සළකා එය තහනම් කරන්න, එම තහනම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන්නත්,දුරකථන සංවාද වලට හොරෙන් ඇහුම්කන්දීමට, ඒවා පටිගත කිරිමට පොලිසියට බලය පරාගන්නත්,  මේ පනත අනුව හැකියාව ලැබෙනවා.  


            ඒ අනුව මේ පනත ත‍්‍රස්තවාදය වැළැක්විමට ගෙන ආවක් නොව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ආණ්ඩු විරෝධි බලවේග මර්දනය කිරීමට ගෙන ආවක්. මෙය හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකරන අතර පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් කිරිමට හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නවා.



අදහස් (0)

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත විස කවා රස තැවරු කේක් ගෙඩියක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site